Showing posts with label Marine Environment. Show all posts
Showing posts with label Marine Environment. Show all posts

Tuesday, June 27, 2023

ජෛව විවිධත්ව ඉලක්ක පිළිබඳ උනන්දුව වැදගත්

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 493
විදුසර, 2023-06-28, පි. 2


ජෛව විවිධත්වය අහිමිවීම වැළැක්වීම සඳහා පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ දී පැවැති ජෛව විවිධත්ව සමුළුවේ දී එකඟතාවයක් ඇති කර ගන්නා ලදි. ඒ අනුව 2030 වර්ෂය වන විට ලෝකයේ භූමියෙන් හා සාගරයෙන් 30%ක් පමණ ප්‍රදේශයක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට රටවල් පොරොන්දු වී ඇත.

මේ වන විට මාස හයක් පමණ කලයක් ගත වී ඇති අතර ඒ කාලය තුළ යම් යම් ජයග්‍රහණ අත්කරගෙන ඇත. නිදසුනක් ලෙස මහ මුහුදේ ආරක්ෂාව පිළිබඳව ඇතිකරගත් එකඟතාවය හා ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම අරමුණු කරගත් ගිවිසුමක් ඇති කර ගැනීමට මූලික වශයෙන් එකඟ වීම මේ අතර වේ. එසේම බ්‍රසීලයේ ඇති වූ දේශපාලන වෙනස්කම් නිසා ඇමසන් වනාන්තරයේ ආරක්ෂාව සම්බන්ධව ද නව බලාපොරොත්තුවක් දැන් ඇත.

ලබන වර්ෂයේ පැවැත්වෙන මීළඟ ජෛව විවිධත්ව සමුළුවට පෙර ජෛව විවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් වන රටටල් සිය ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගය හා ක්‍රියාකාරී සැලසුම් ලබාදිය යුතුය. මේ සැලසුම් අනුව කටයුතු කිරීම ද සිදු විය යුතු වේ. ඒ එකඟ වූ ඉලක්ක අත්පත් කරනොගතහොත් ජෛව විවිධත්වය අනතුරට ලක් විය හැකි බව පෙන්වා දී තිබේ. වඩා වැදගත් වන්නේ ‘වචන නොව ක්‍රියාකාරිත්වය’ බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා මෑත දී පවසා තිබුනේ මේ නිසාය.

Wednesday, April 19, 2023

නැව්වල හැපී මියයන තල්මසුන් බේරාගත හැකිද?

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 488
විදුසර, 2023-04-19, පි. 2


මහ සාගරයේ ගමන් ගන්නා නෞකාවල හැපීමෙන් මරණයට පත්වන තල්මසුන් ගණන වාර්ෂිකව දහස් ගණනක් විය හැකිය. මේ ගැටීම් ඇතැම් විට සිදුවන්නේ සාගර ආරක්ෂිත ප්‍රදේශවලය. වාණිජ වශයෙන් සිදුකරන තල්මහ දඩයම බොහෝ දුරට සීමා වීමෙන් පසුව තල්මනුස්ට ඇති වී ඇති බරපතළම තර්ජනයවන්නේ මේ සාගරයේ නාවුක ගමනාගමනයේ වර්ධනයයි. 1992 හා 2012 අතර කාලයේ දී ලෝකයේ නෞකා ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඒ වැඩි වශයෙන් ආසියානු කලාපයේ වුවත් ලෝකය පුරාම පාහේ එය සිදුව ඇත.

නැව්වල නිසා එසැණින් මරණයට පත් නොවුව ද මේ සතුන් මරණයට පත් වීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් බව විද්‍යාඥයන්ගේ අදහස වේ. ඇතැම් ශරීර අවයවවලට හානි වීම නිසා මේ සතුන්ට පිහිනීම නිසි ආකාරයෙන් සිදුකිරීම අපහසු විය හැකිය.

මේ ගැටුම් හා මරණ අවම කිරීම සඳහා ඉදිරිපත්ව ඇති විසඳුම් දෙකකි. ඉන් එකක් වන්නේ තල්මහ වාසය කරන සාගර ප්‍රදේශවලින් ඈත්වන ලෙස නාවුක ගමන් මාර්ග නැවත සකස් කිරීමයි. මෙය බොහෝ සේ ඵලදායී විය හැකි වුවත් එය සිදුවන්නේ අඩු වශයෙනි. අනෙක් ක්‍රමය වන්නේ නැව් සඳහා වේග සීමාවන් පැණවීම වන අතර එය පරිමාණය හා බලපැවැත්වීම අනුව විවිධ විය හැකිය. කෙසේ වෙතත් මේ සඳහා නව තාක්ෂණය යොදාගත හැකි පද්ධති නිර්මාණය කිරීම සඳහා දැන් දරන් පර්යේෂකයන් උනන්දු වෙමින් තිබේ.

Wednesday, April 5, 2023

මහ මුහුද පිළිබඳ ගිවිසුමකට එළැඹේ

ධනේෂ් විසුම්පෙරුම

පරිසර පුවත් 487
විදුසර, 2023-04-05, පි. 2


වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡුාවලින් පසුව ලෝකයේ සාගර ආරක්ෂා කිරීමට හේතුවන ගිවිසුමක් සකසා අවසන් කරගැනීමට නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මේ මස මුල දී පැවති සාකච්ඡුාවක දී හැකි වී තිබේ. මහ මුහුද ගිවිසුම (්‍යසටය ීැ්ි ඔරු්එහ* නම් මේ එකඟතාවය යටතේ ලෝකයේ සාගර ප‍්‍රදේශවලින් 30%ක් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස නම් කිරීමට නියමිතය. ඉදිරියේ දී මේ ගිවිසුම විධිමත් ලෙස සම්මත කර අත්සැන් තැබීමට නියමිතය.

මේ සාගර ප‍්‍රදේශ අදාළ වන්නේ ජාත්‍යන්තර මුහුදටය. එනම් ලෝකයේ ඕනෑම රටකට මසුන් ඇලිලීමට අවසර ඇති, නාවුක ගමන් කළ හැකි හා පර්යේෂණ කළ හැකි මහ මුහුද සාගරයයි. මේ දක්වා මේ සාගරයෙන් ආරක්ෂිත තත්ත්වයට ලක්ව ඇත්තේ 1.2%ක් පමණකි. එහෙත්, පසුගිය වර්ෂයේ දී ලෝක ජෛව විවිධත්ව සම්මුතිය මගින් ඇතිකරගත් එකඟතාවය අනුව ලෝකයේ සාගරවලින් 30%ක් ආරක්ෂා කිරීමේ ඉලක්කය අත්පත් කරගැනීමට මේ නව ගිවිසුම ද සහාය වනු ඇත. මේ ආරක්ෂාව සමඟ මසුන් ඇල්ලීම පිළිබඳ සීමා පැනවෙනු ඇති අතර නාවුක ගමන් මාර්ග ද සීමා විය හැකිය. සාගර ආරක්ෂාව වැදගත් වන්නේ සාගර ජීවීන් ජෛව විවිධත්වයෙන් අප තවමත් දන්නේ අඩු ප‍්‍රමාණයක් පමණක් වීම නිසා මෙන්ම මේ දක්වා ඇගැයීම් කර ඇති සාගර ජීවීන් අතරින් 10% ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව තිබීම නිසාය.

Friday, January 31, 2020

හිරු ආවරණ ආලේපන තහනම් කළ පළමු රට

ජගත් පරිසර පුවත් 346 - 08.01.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 08.01.2020, පි. 3 (Vidusara)




හිරු රැසින් ආරක්ෂාවීම සඳහා පාවිච්චි කරනු ලබන ආලේපන වන හිරු ආවරණ ආලේපන (sun cream) තහනම් කිරීම සඳහා පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන පලව් දේශය තීරණය කර ඇත. කොරල්පරවලට හා සාගර ජීවීන්ට හානිකර වන මෙමආලේපන තහනම් කිරීම සඳහා කටයුතු කළ ලෝකයේ පළමු රට වන්නේ ද මෙම රටයි. ඒ අනුව ඉදිරියේදී මේවා තුළ තහනම් විය හැකිය.

මෙම තහනම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වර්ෂයේදී වන අතර මේ වර්ෂයේ ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වෙයි. මේ අනුව හානිකර බව හෙළි වී ඇති රසායන ද්‍රව්‍ය 10කින් එකක් හො ඇතුළත් වන හිරු ආවරණ ආලේපන එරට තුළ ආලේපනය හෝ අලෙවි කිරීම එරට තහනම් කර ඇත. මේවා පාරිසරික වශයෙන් හානිකර රසායන ද්‍රව්‍ය බවට ප්‍රකට ඒවාය. ඒවා වැඩි ප්‍රමාණයක් වනජීවීන්ගේ කුඩා අවධියේදී විෂ සහිත බව වාර්තා වී තිබෙයි. එමෙන්ම ඒ අතර ඇති ඔක්සිබෙන්සෝන් හා ඔක්ටිනොක්සේට් යන රසායනික ද්‍රව්‍ය දෙක පාරජම්බුල ආලෝකය අවශෝෂණය කර ගැනීමට කටයුතු කරයි. මේ අනුව මේ රසායන ද්‍රව්‍ය කොරල්පරවලට හා සාගර ජීවී විශේෂවලට හා සරගයට හානි කර වෙයි.

මේ වන විට එරට වැදගත් පරිසර පද්ධතිවලින් මෙන්ම එරට තුළ ජනප්‍රිය වී ඇති ජීවී විශේෂවල ශරීරගත වී තිබී මෙම විෂ සහිත රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙයි.

මේ තත්ත්වය නිසා මෙම හිරු ආලේපන ක්‍රීම් හා දියර නිෂ්පාදනයේදී මේ විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදාගැනීම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙයි. වාර්තාවලට අනුව මේ වන විට ඒවා භාවිත කරනු ලබන්නේ ආලේපන වර්ගවලින් අඩක පමණ පමණකි. එයට හේතුව වන්නේ මෙම රසායන ද්‍රව්‍ය ඇතුළත් ආලේපන තහනම් කරන බවට විවිධ රටවල් විසින් නිවේදනය කිරීමයි. හවායි දූපත්වලද මේ රසායන ද්‍රව්‍ය ඇතුළත් හිරු ආවරණ ආලේපන 2021 වර්ෂයේ සිට තහනම් වනු ඇත. ඇමරිකාවට හා නෙදර්ලන්තයට අයත් දූපත් රාජ්‍ය කීපයක්ද මෙවැනි තහනමක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සාගරය ආම්ලිකකරණය වීමෙන් මෝරුන්ටත් බලපෑම්

ජගත් පරිසර පුවත් 345 - 01.01.2020


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 01.01.2020, පි. 3 (Vidusara)



සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම හා ආම්ලිකකරණය වීම නිසා ඇති වන බලපෑම් සම්බන්ධව මෙතෙක් එතරම් අවධානයක් යොමු වී නොතිබුණු අංශයක් ගැන අපගේ අවධානය යොමු කරන අධ්‍යයන වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්වී තිබෙයි. ඒ අනුව, සාගරයේ වාසය කරන මෝර විශේෂවලට සැලකිය යුතු බලපෑමක් සිදුකිරීමට මේ තත්ත්වය හේතු වෙයි.

සාගරයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම ඉහළ යෑම නිසා සාගර ජලය ක්‍රමයෙන් ආම්ලික බවට පත් වෙයි. ඒ නිසා මෝරුන්ගේ දත් හා ශල්ක දිරාපත්වන අතර, මෙහි අහිතකර ප්‍රතිඵල ලෙස ඔවුන්ට පිහිනීමට, දඩයම් කිරීමට හා ආහාර ගැනීමට ඇති හැකියාවට යම් බලපෑමක් සිදුවිය හැකිය.

සාගරය ආම්ලිකකරණය වීම සම්බන්ධව මේ දක්වා සිදුව ඇති අධ්‍යයන වැඩි ප්‍රමාණයක අවධානය යොමුව තිබෙන්නේ කොරල් හා බෙල්ලන් වැනි කැල්සියම් සහිත ව්‍යුහ හා කවච සාදන ජීවීන් පිළිබඳවය. එහෙත් මෙම අධ්‍යයනයේදී අවධානය යොමුව ඇත්තේ දකුණු අප්‍රිකානු මෝර විශේෂයක් සම්බන්ධවය. මෙහිදී අල්ලාගත් Haploblepharus edwardsii නම් මෝර විශේෂයේ සතුන් පාලිත හා පරීක්ෂණ තත්ත්ව යටතේ අධ්‍යයනය කර ඇත. වර්තමාන තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2300 වර්ෂව වන විට සාගර ජලයේ ඇති විය හැකි ච්‍ය අගය වන 7.3 අගයෙන් යුත් ජලයේ තැබූ සතුන්ගේ ශල්කවල කැල්සියම් හා පොස්පේට් මාස දෙකක් තුළ සැලකිය යුතු තරමින් අඩු වූ බව ඔවුන් නිරීක්ෂණය කර ඇත. මෝර දත් සෑදී ඇත්තේ ද මේ රසායන සංයෝගයෙන් නිසා මේ හා සමාන බලපෑමක් ඒවාටද ඇති විය හැකි බව පර්යේෂකයන්ගේ නිගමනයයි.

කෙසේ වෙතත් මේ තත්ත්වයේ බලපෑම එක් එක් මෝර විශේෂය හා ඔවුන්ගේ ආහාර රටාව අනුව වෙනස් වීමට හැකිය. නිදසුනක් ලෙස ගතහොත් හානි වූ ශල්ක තිබීම මෝරන්ගේ වේගය අඩු කිරීමට හේතු විය හැකිය. එසේම ඔවුන්ට බාහිරින් සිදුවන හානි වලින් ආරක්ෂා කිරීම අඩු විය හැකිය. දුර්වල දත් ආහාර ගැනීම සඳහා බලපායි. මේ කරුණු නිසා සාගර ආහාර ජාලයේ ඉහළින්ම සිටින විලෝපිකයා ලෙස මෝරුන්ට හිමි තත්ත්වයට බලපෑමක් විය හැකිය. ඒ සමඟ සමස්ත ආහාර ජාලයම අවුල් වීමට පවා ඉඩ ඇති බව මේ පර්යේෂණය සිදුකළ පර්යේෂකයන්ගේ අදහස ද වෙයි. එසේම, අද වන විට වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස ලක්ව ඇති සමහර මෝර විශේෂ සම්පූර්ණයෙන්ම වඳ වී යාමට පවා ඉඩක් පවතී.

මූලාශ්‍රය - Scientific Reports, DOI: 10.1038/s41598-019-54795-7

Thursday, February 7, 2019

මුහුදු තණ බිම් වෙරළ ආරක්ෂාවට වැදගත්

ජගත් පරිසර පුවත් 296 - 09.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.01.2019, පි. 3 (Vidusara)



නිවර්තන කලාපීය වෙරළ ප‍්‍රදේශ සමුද‍්‍ර ඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී වන පරිසර පද්ධතියක් ලෙස මුහුදු තණ බිම් යොදාගැනීමෙන් දැනට වෙරළ ආරක්ෂා කිරීමට හා සරුකිරීමට යොදාගන්නා වියදම් අධික වූ ක‍්‍රමවල අවශ්‍යතාවය අඩු කළ හැකි බව පර්යේෂණයක් මගින් අනාවරණය කරෙගන ඇත.

කැරිබියානු මුහුදු තීරය ආශ‍්‍රිතව සිදුකර ඇති පරීක්ෂණ හා ක්ෂේත‍්‍ර නිරීක්ෂණ මත පදනම්ව මෙම නිගමනයට පැමිණ ඇත්තේ නෙදර්ලන්ත හා මෙක්සිකෝ විද්‍යාඥ කණ්ඩායමකි. සංචාරක කර්මාන්තයට ඉතා ප‍්‍රකට වූ මෙම වෙරළ තීරය එම කලාපයේ දළ දේශීය නිෂෟපාදිතයෙන් අඩක් පමණ සපයයි.

මුහුදු තණ මගින් එය් සිදුවන්නේ වැලි සහ වෙනත් අවසාදිත අංශු වෙරළේ තබා ගැනීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරන නිසාය. රළ සම`ග එම අංශු චලනය වීම වළක්වාලීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරයි. විශේෂයෙන් කැල්සනීභවනය වන ඇල්ගී සම`ග මුහුදු තණ පවත්නා විට මෙම තත්ත්වය වඩාත් ඵලදායී ලෙස සිදුවන බවද පෙන්වා දී ඇත. මෙක්සිකෝවේ යුටාකාන් අර්ධද්වීපයේ විවිධ ප‍්‍රදේශවල දැකිය හැකි තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ මුහුදු තණ පවත්නා විට වෙරළ ඛාදනය වීමෙහි පැහැදිලි අඩුවක් ඇති බවයි. එසේම මුහුදු තණ විනාශ වූ අවස්ථාවලදී වෙරළ ඛාදනයේ කැපී පෛනන වර්ධනයක්ද දකිය හැකිය. එ් අනුව මුහුදු තණ හා කැල්සනීභවනය වන ඇල්ගී සහිත වෙරළ තීරයක් යනු වෙරළ ඛාදනයට එරෙහිව ක‍්‍රියාත්මක විය හැකි තිරසර වූ විකල්පයකි.

වෙරළ ඛාදනය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය රටවලට ගැටලූවක් වී ඇත. එම තර්ජනය දේශගුණ වෙනස් වීම හා සම`ග තවදුරටත් ඉහළ යමින් පවතියි. මෙම තත්ත්වයට විසඳුම් ලෙස යොදාගන්නා ක‍්‍රම අධික වියදම් සහිත වීම මේ පිළිබඳව තවදුරටත් බරපතළ කරයි. කෘති‍්‍රම වෙරළ, කොන්ක‍්‍රීට් හා ගල් වැටි ආදිය මීට නිදසිනකි. ආර්ථික වශයෙන් වැදගත් සංචාරක කර්මාන්තය සඳහා ප‍්‍රකට වූ වෙරළ තීර මෙම තත්ත්වය නිසා විනාශයට පත්වෙමින් තිබෙයි. එබැවින් මෙම ගැටලූව මෙවැනි ස්වාභාවික වූ විසඳුමක් තිබීම වැදගත් අනාවරණයකි. එසේම ඇතැම් අවස්ථාවලදී වෙරළ සම්බන්ධව සැලකන විට මුහුදු තණ කරදරකාරී දෙයක් ලෙස සලකන ආකල්පයක් තිබීම හා ඒවාට තර්ජනද රැුසක් පැවතීම නිසාද උක්ත අධ්‍යයනය වැදගත් වෙයි. (මූලාශ‍්‍රය: BioScience, DOI: 10.1093/biosci/biy154)

Thursday, November 29, 2018

ඇන්ටාක්ටික් රක්ෂිත යෝජනාව ඉවතට?

ජගත් පරිසර පුවත් 288 - 14.11.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.11.2018, පි. 3 (Vidusara)



ඇන්ටාක්ටික් මහාද්වීපයේ හා සාගරයේ විශාල ප‍්‍රදේශයක් සාගර ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ඇන්ටාක්ටිකාව පිළිබඳව තීරණ ගැනීමට පිහිටුවාගෙන ඇති අන්තර්ජාතික කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවක් එහිදී අනුමත නොවූ බව පසුගියදා වාර්තා විය. මෙම යෝජනාව පරිසරය පිළිබඳ ක‍්‍රියාකාරී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද්දේ එම ප‍්‍රදේශයේ වෙසෙන සියලූ ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ඇතිවය. එම යෝජනාවට අනුව ඇන්ටාක්ටිකාවේ වෙඩල් මුහුදේ් විශාල ප‍්‍රදේශයක් හා ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ කොටස් ඇතුළුව වර්ග කිලෝමීටර් මිලියන 1.8ක පමණ ප‍්‍රදේශයක් ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් කිරීමට යෝජිත විය. සංසන්දනාත්මකව දක්වන්නේ නම් එය ජර්මනිය මෙන් පස් ගුණයක් තරම් වූ ප‍්‍රදේශයකි. එ් ප‍්‍රදේශයේ සියලූ ආකාරයේ දඩයම් කිරීම තහනම් කිරීම මගින් මහාද්වීපය ආශ‍්‍රිතව වෙසෙන පෙන්ගුවින්, තල්මහ විශේෂ හා සීල් වැනි විවිධ සතුන් සඳහා ආරක්ෂාවක් ලැබෙන බව පෙන්වාදී තිබිණි.

මෙම යෝජනාව, ඇන්ටාක්ටික් සාගර ජීවී සම්පත් සංරක්ෂණය සඳහා වූ කොමිසමට (Commission for the Conservation of Antarctic Marine Living Resources) ඉදිරිපත් වූ අතර එය අනුමත වීමට අවශ්‍ය වූ එ්කමතික අනුමැතිය එහිදී නොලැබිණි. එම කොමිසමට ඉදිරිපත් වන යෝජනාවක් සම්මත වීමට නම් යුරෝපා සංගමය ඇතුළුව රටවල් 25ක් ඇතුළත් කොමිසමේ සියලූ සාමාජික රටවල් ඊට එක`ග විය යුතු ය. එහෙත් උක්ත යෝජනාවට රුසියාව, චීනය හා නෝර්වේ යන රටවලින් බාධා ඇති වී තිබෙයි. මේ නිසා අදාළ යෝජනාව පිළිබඳ සාකච්ඡුාව තීරණයක් නොමැතිව අවසන් වී ඇත.

විද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප වීම අවාසනාවන්ත කරුණකි. මීට පෙර ඇන්යාක්ටිකාවේ රොස් මුහුද ආශ‍්‍රිතව මෙවැනි සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ඇති කිරීම සඳහා අනුමැතිය ලැබිණි. මේ තත්ත්වය නිසා ලෝකයේ නොඉඳුල් ප‍්‍රදේශයක් ආරක්ෂා කරගැනීමේදී ඉදිරියේදී යම් යම් ගැටලූ ඇති විය හැකි බවට අදහස් පළ වෙයි. මෙය ලෝකයේ සුවිශේෂ පරිසරයක් ආරක්ෂා කරගැනීම සඳහා ගතහැකිව තිබූ වැදගත් පියවරක් ලෙස උක්ත ආරක්ෂිත ප‍්‍රදේශය සලකන ලදි. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් සම්බන්ධවද යම් කාර්යයක් කළ හැකි සාගරයක් ලෙස මෙම ප‍්‍රදේශය සැලකෙයි.

Monday, October 22, 2018

බරපතළ දේශගුණ බලපෑම් වැළැක්වීමට තවත් ඇත්තේ වසර 12යි

ජගත් පරිසර පුවත් 285 - 17.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 17.10.2018, පි. 3 (Vidusara)




වර්තමානයේ විමෝචනය වන වේගයෙන් හරිතාගාර වායු විමෝචන නිකුත් වීම සිදුවන්නේ නම් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ (හෙවත් 1750 පමණ) පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යෑම 2030 හා 2052 වර්ෂයත් අතර කාලයේදී සිදු විය හැකි බව ජගත් වාර්තාවක් පෙන්වා දෙයි. එසේම ලෝකයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යා හැකි බවත් එහි සඳහන් වෙයි. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) මගින් පසුගියදා දකුණු කොරියාවේදී අනුමත කරන ලද ‘අංශක 1.5දී ගෝලීය උණුසුම’ (Global Warming of 1.5 °C) නම් මෙම විශේෂ වාර්තාව අනුව බරපතළ දේශගුණ ප‍්‍රතිවිපාක වැළැක්වීමට නම් ඉදිරි වසර 12ක කාලය ඇතුළත දැඩි, වැදගත් හා තීරණාත්මක පියවර ගණනාවක් ගත යුතුව තිබෙයි. මක් නිසාද යත් මේ වන විටද ලෝකයේ උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වය මෙන් අංශකයකින් පමණ ඉහළ ගොස් ඇති නිසාය. අද වන විටද ලෝකය එහි අහිතකර වූ ප‍්‍රතිවිපාක අත්දකිමින් සිටියි. ආන්තික කාලගුණ තත්ත්ව සුලභ වීම, මුහුදු මට්ටම ඉහළ යෑම වැනි සිදුවීම් එවැනි දේට සාධක වෙයි.

2015දී එකඟතාවයට එළැඹුනු පැරිස් දේශගුණ සම්මුතිය අනුව මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීමට අපේක්ෂා කරන ඉලක්කය සෙල්සියස් අංශක 2කකි. හැකිනම් එය අංශක 1.5ක මට්ටමට සීමා කිරීමට අපේක්ෂා කරන බව ගිවිසුමෙහි පැවසිනි. එහෙත් මෙම නවතම වාර්තාවට අනුව ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 සීමාව පසුකිරීම ඉතා ඉක්මනින් සිදුවීමට ඉඩ ඇති බව පැහැදිලිය. එයට හේතුව වන්නේ පැරිස් ගිවිසුමෙහි සඳහන් වන සියලූ පොරොන්දු ඉටු කරනු ලැබුවද, 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචනය කරනු ලබන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය වන ගිගා ටොන් 58ක ප‍්‍රමාණය, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවත්වා ගැනීමට තිබිය යුතු විමෝචන ප‍්‍රමාණයට වඩා ගිගා ටොන් 35ක් අධික වීමය.

උක්ත වාර්තාවෙන් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ සෙල්සියස් අංශක 1.5 ත් අංශක 2ත් අතර වෙනසකදී ඇති විය හැකි වෙනස්කම්වල බරපතළ බවයි. නිදසුනක් ලෙස ගතහොත් තාප ප‍්‍රවාහ නිසා අවසානමට ලක් වන ජනතාවගේ සංඛ්‍යාව, මැලේරියාව හා ඩෙංගු වැනි වාහකයන් මගින් ව්‍යාප්ත වන රෝගවලට ලක්වන ජනතාවගේ ගණන සෙල්සියස් අංශක දෙකකදී සැලකිය යුතු තරම් ඉහළ යයි. අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකට වඩා අංශක 2ක වර්ධනයකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑම සෙ.මී. 10ක් පමණ අධිකය. අංශක 1.5කදී කොරල්පර අතරින් 70%-90%ක් පමණ අඩු විය හැකි අතර, අංශක 2ක් උෂ්ණත්වය ඉහළ ගියහොත් කොරල්පර මුළුමනින්ම (99%ක් පමණ) අහිමි විය හැකිය. එමෙන්ම අංශක 1.5ක උෂ්ණත්ව වර්ධනයකදී වාර්ෂිකව ටොන් මිලියන 1.5කින් අඩු වනු ඇති බවට ගණන් බලා ඇති මත්ස්‍ය නිෂ්පාදනය අංශක 2ක උෂ්ණත්ව වර්ධනයකදී එමෙන් දෙගුණයකින් පමණ අඩු විය හැකිය.

කෙසේ වෙතත් මෙම වාර්තාව මගින් අනාගතයේ ඇති විය හැකි මෙම බරපතළ දේශගුණ වෙනස් වීම වළක්වා ගත හැකි ආකාරය ගැනද සඳහන් කරයි. ඒ සඳහා ලෝකයේ සියලූ රටවල් කඩිනමින් හා සියලූම අංශ ආවරණය වන ආකාරයෙන් මෙතෙක් නොසිතූ විරූ පරිමාණයකින් පියවර ගැමනීම අවශ්‍ය වන මෙම වාර්තාව පෙන්වා දෙයි. නිදසුනක් ලෙස ගතහොත්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියය් අංශක 1.5 මට්ටමෙහි පවත්වාගෙන යෑමට සිදු කළ යුතු දෙයද මෙහිදී පෙන්වා දී ඇත. ඒ අනුව 2030 වර්ෂයේදී ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන ප‍්‍රමාණය 2010 වර්ෂයේ පැවති ප‍්‍රමාණයෙන් 45%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු කළ යුතුය. ඒ සඳහා බලශක්තිය, කර්මාන්ත, ප‍්‍රවාහනය, ගොඩනැගිලි හා නගර ආදි අංශ ගණනාවක විශාල වෙනස්කම් ගණනාවක් සිදු විය යුතු වෙයි. නොඑසේ නම් අනාගතයේදී බරපතළ අහිතකර දේශගුණ බලපෑම් ඇති වීම වළක්වා ගැනීම අපහසු විය හැකිය.

අවාසනාවකට මෙන් මෙවැනි කැපවීමක් සඳහා ලෝකය සූදානම්ද යන්න මෙහිදී ඇති වන ගැටලූවයි. අනෙකක් තබා 2015දී ඇතිකරගත පැරිස් ගිවිසුම පවා ක‍්‍රියාත්මක වන්නේ 2020දී පමණ සිටය. කාලය ගත වන අතර දේශගුණ වෙනස් වීම හා එහි බලපෑම් සිදුවෙමින් තිබෙයි.

(මූලාශ‍්‍රය: Global Warming of 1.5 °C, https://ipcc.ch/report/sr15/)

Monday, October 15, 2018

පරිසර දූෂණය නිසා අවදානමට ලක්වන මිනීමරු තල්මහ

ජගත් පරිසර පුවත් 283 - 03.10.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 03.10.2018, පි. 9 (Vidusara)



ලෝකයේ ජීවත්වන මිනීමරු තල්මහ ගහන පරිසර දූෂණය නිසා දැඩි අවදානමකට ලක්ව ඇත. පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව Orcinus orca යන විද්‍යාත්මක නමින්ද, මිනීමරු තල්මහ (Killer whale) හා ඕකා (Orca) යන ඉංග‍්‍රීසි නම්වලින්ද හඳුන්වන මෙම තල්මහ විශේෂය අවදානමට ලක්ව ඇත්තේ බහුක්ලෝරිනීකෘත බයිෆෙනිල (polychlorinated biphenyl - PCB) නමින් හඳුන්වන කාණ්ඩයේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසාය.

මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන ආකාරයට ලෝකයේ ජීවත් වන ක්ෂීරපායින් අතරින් PCB වැඩි සාන්ද්‍රණයකින් ශරීරගත වී ඇත්තේ මෙම මිනීමරු තල්මහගේය. මෙම සතුන්ගේ ශරීරයේ පටක සම්බන්ධව සිදු කර ඇති අධ්‍යයනවලින් මේ බව පැහැදිලි වී ඇත. මේ ආකාරයෙන් PCB ශරිරගතව තිබීම එම තල්මහ සතුන්ගේ සෞඛ්‍යයට බලපායි. මෙම රසායන ද්‍රව්‍යවල බලපෑම් නිසා තල්මහ සතුන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම සිදු වන අතර, පැටවුන් බිහිකිරීමට ඇති හැකියාව සීමා වීමෙන් ප‍්‍රජනනය හා සම්බන්ධ ගැටලූ ඇති විය හැකිය.

මේ තත්ත්වය නිසා ලෝකයේ මිනීමරු තල්මහ ගහනයෙන් 50%කට අධික ප‍්‍රමාණයකගේ දිගුකාලීන පැවැත්ම තර්ජනයට ලක්ව ඇත. ඉදිරි වර්ෂ සියයක කාලයේදී වැඩිම තර්ජනයට ලක්විය හැකි මිනීමරු තල්මහ ගහන කාණ්ඩ දෙකක්ද මෙහිදී හඳුනාගෙන තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වඩාත් කාර්මිකකරණය වූ කලාප ආසන්නව ජීවත්වන තල්මහ ගහනයි. අනෙක් කාණ්ඩය වන්නේ ආහාර දාමයේ ඉහළ පෝෂී මට්ටම්වල ජීවත්වන මිනීමරු තල්මහ ගහනයි. මේ කාණ්ඩයට ඔවුන් ජීවත්වන ප‍්‍රදේශයේ බලපෑමක් නොමැති තරම්ය.

කාලයක් තිස්සේ ලෝකයේ කර්මාන්තශාලාවල විශාල ප‍්‍රමාණවලින් නිපදවන ලද PCB කාණ්ඩයේ රසායන ද්‍රව්‍යවල පවත්නා අධික විෂ සහිත ස්වභාවය නිසා මීට වර්ෂ 30කට පමණ පෙර බොහෝ රටවල තහනම් කරන ලදි. එහෙත් පරිසරයේ පවත්නා මේ රසායන ද්‍රව්‍ය සාගරයට එක් වීම දිගින් දිගටම සිදු වේ. එසේම එම රසායන ද්‍රව්‍යවල දිගුකාලීන පැවැත්ම හේතුවෙන් මේ ආකාරයෙන් මිනීමරු තල්මහ අවදානමට ලක්ව ඇති බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Science , DOI: DOI: 10.1126/science.aat1953)

Tuesday, July 31, 2018

සාගර ප‍්‍රවාහ නිසා උෂ්ණත්වය ඉහළට

ජගත් පරිසර පුවත් 273 - 25.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 25.07.2018, පි. 3 (Vidusara)



සාගර ප‍්‍රවාහවල වේගය අඩු වීම හා දුර්වල වීම නිසා ඇති විය හැකි තත්ත්වය ලෝකයේ අවධානයට ලක් වූයේ කලක පටන්ය. නිදසුනක් ලෙස ‘අත්ලාන්තික් මධ්‍යාහ්න පෙරළුම් සංසරණය’ (Atlantic Meridional Overturning Circulation (Amoc)) ලෙස හඳුන්වන සාගර ප‍්‍රවාහය නිසා ලෝකයේ ප‍්‍රදේශ රැුසක උෂ්ණත්වය අඩු වී දැඩි ශීත තත්ත්වයක් ඇති වෙතැයි අදහසක් පවතී. 2004 දී තිරගත වූ The Day After Tomorrow චිත‍්‍රපටයේ කතා තේමාව වූයේ උක්ත ප‍්‍රවාහය අක‍්‍රිය වීම නිසා ඇති වූ දැඩි ශීත තත්ත්වයකි. එහෙත් මේ පිළිබඳව සිදුකරන ලද, පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව මෙම සාගර ප‍්‍රවාහය දුර්වලවීම නිසා ලෝකයේ උෂ්ණත්වයට සැලකිය යුතු බලපෑමක් විය හැකි වුවත් එය එවැනි සිසිල් වීමක් නොවේ.

මෙක්සිකෝ බොක්ක ප‍්‍රදේශයෙන් ආරම්භ වන මෙම ප‍්‍රවාහය උතුුරු ඇමරිකාවට නුදුරින් ගලා ගොස් අත්ලාන්තික් සාගරය හරහා අයර්ලන්තය හා බි‍්‍රතාන්‍යය ආසන්නයෙන් යුරෝපයට ළඟා වෙයි. මෙය යුරෝපා ප‍්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතු වන බව විශ්වාස කරන ලදි. මෙම නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ ලෝකයේ තාපය බෙදාහැරීම පිණිස වැදගත් කාර්යයක් මෙම සාගර ප‍්‍රවාහය සිදුකරන බවයි. මෙම ප‍්‍රවාහය වේගයෙන් ගමන්කරන විට වායුගෝලයේ ඇති වාතයේ තාපයෙන් වැඩි ප‍්‍රමාණයක් එමගින් උරාගෙන සාගරයේ මීටර් 1500ක් පමණ ගැඹුරට ගෙන ගොස් ගබඩා කෙරේ. එහෙත් ප‍්‍රවාහයේ වේගය අඩු වන විට සාගර ප‍්‍රවාහය මගින් උරාගන්නා තාපය අඩු වන අතර, එනිසා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. 1975-1998 අතර සමය මෙම ප‍්‍රවාහයේ වේගය අඩු වූ කාලයක් වන අතර, එනිසා ලෝකයේ උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇත. ඉන් පසුව ඇති වී තිබෙන්නේ වැඩි වේගයක් ඇති වකවානුවකි. යළිත් 2004 පමණ සිට ප‍්‍රවාහයේ වේගයේ දැඩි අඩුවීමක් ඇති බැවින් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යයි. එය තවත් වසර 20ක් පමණ කාලයක් පවත්නා බව සිතිය හැකිය.

පසුගිය වසර 70ක කාලයේදී මෙම සාගර ප‍්‍රවාහයේ සිදුව ඇති වෙනස්කම් මෙම අධ්‍යයනයේදී විමසා බලා ඇත. එහිදී සාගර ප‍්‍රවාහයේ වේගය අඩු වීම හා වේගය වැඩි වීම ස්වාභාවිකව සිදුවන බව හඳුනාගෙන තිබෙයි. මෙසේ ස්වාභාවිකව සිදුවන විචල්‍යයේ බලපෑම මානව බලපෑමට වඩා අධිකය. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0320-y)

ඉහළ යන මුහුදු මට්ටමේ ආර්ථික බලපෑම

ජගත් පරිසර පුවත් 271 - 11.07.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.07.2018, පි. 3 (Vidusara)



2100 වන විට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන ජලගැලීම් හේතුවෙන් ඇති විය හැකි හානියේ ආර්ථික අගය වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එ් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පූර්ව කාර්මික අවධියට වඩා අංශක දෙකක සීමා කළ නොහැකි වුවහොත්ය.

මෙම අධ්‍යයනයේදී සිදුකර ඇත්තේ උෂ්ණත්වය ඉහළ යෑම අංශක 1.5 හා අංශක 2 සිමාවේ පවත්වා ගතහොත් හා කිසිදු වළක්වාගැනීමේ තත්ත්වයක් නොමැති සංසිද්ධියකදී ඇති විය හැකි මුහුදු මට්ටම ඉහළ යෑමෙහි බලපෑම් සංසන්දනය කිරීමයි. ඒ අනුව 2100 වර්ෂය වන විට අංශක 1.5ක උෂ්ණත්ව ඉහළ යෑමකදී සෙන්ටිමීටර් 52කින්ද, අංශක 2ක් සඳහා සෙ.මී. 63කින්ද මුහුදු මට්ටම ඉහළ යා හැකි බව අනාවරණය වී ඇත. එසේම අංශක 2 ඉලක්කය අත්පත්කරගත නොහැකි වුවහොත්, මුහුදු මට්ටම මීටර් 0.86ක මධ්‍යන්‍ය අගයකින් ඉහළ යා හැකිය. එවැනි අවස්ථාවකදී වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 14ක් පමණ විය හැකිය. එසේම මුහුදු මට්ටම උපරිම වශයෙන් මීටර් 1.8ක් ඉහළ යා හැකි අතර, එවිට ඇති වන වාර්ෂික හානිය ඩොලර් ටි‍්‍රලියන 27ක් පමණ වනු ඇත.

ජලගැලීම් නිසා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ ඉහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට බවද මෙහිදී හෙළි වී තිබෙයි. නිදසුනක් ලෙස චීනය දැක්විය හැකිය. එසේම, ඉහළ ආදායම ලබන රටවල් මෙමගින් අඩු බලපෑමකට ලක්වන රටවල් අතර වෙයි. එයට හේතු වන්නේ මෙවැනි ජලගැලීම්වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් එ් රටවල පැවතීමයි. ලෝක ජනගහනයෙන් මිලියන 660ක පමණ පිරිසක් අඩු උන්නතාංශයක් සහිත වෙරළබඩ ප‍්‍රදේශවල හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 10ක සීමාවේ, වාසය කරති. දේශගුණ වෙනස් වීමත් සමඟ ඇතිවන ග්ලැසියර හා අයිස් තට්ටු දියවීමත් සමඟ හා සාගර ජලයේ තාප ප‍්‍රසාරණය සමඟ මුහුදු මට්ටම ඉහළ යෑම සිදු වෙයි. මේ හේතුව නිසා මුහුදු මට්ටම ඉහළ යෑම වඩාත් බරපතළ විපාක ඇති කළ හැකි සිදුවීමකි. (මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/aacc76)

Wednesday, February 28, 2018

ණය හුවමාරුවට සාගරය සුරැකීම

ජගත් පරිසර පුවත් 252 - 28.02.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.02.2018, පි. 3 (Vidusara)



තම රටේ ජාතික ණය ප‍්‍රමාණයෙන් කොටසක් හුවමාරු කිරීම වෙනුවෙන් විශාල සාගර ප‍්‍රදේශයකින් යුක්ත සාගර උද්‍යාන දෙකක් ඇති කිරීමට දූපත් රාජ්‍යයක් වන සීසෙල්ෂ් රාජ්‍යය එකඟ වී ඇත. මෙසේ සාගර ආරක්ෂිත ප‍්‍රදේශයක් ණයක් සඳහා හුවමාරු කිරීමක් සිදුව ඇත්තේ ලෝකයේ පළමුවතාවටය.

මේ අනුව වර්ග කිලෝමීටර් 210,000කින් පමණ සමන්විත මුහුදු ප‍්‍රදේශයක් ආරක්ෂා කිරීමට සීසෙල්ෂ් රාජ්‍ය එකඟ වී ඇත. එරට ජාතික ණයෙන් ඩොලර් මිලියන 22 ක මුදලක් මේ සඳහා හුවමාරු කර ගැනෙයි. රටවල් හතරකට ඇති එම ණය මුදල හුවමාරු කරගෙන ඇත්තේ The Nature Conservancy නම් සංවිධානය මගිනි. එම කාර්යය සඳහා ප‍්‍රකට පරිසර සංවිධාන හා පුද්ගලයින්ද මුල් වී තිබෙයි. සුප‍්‍රකට නළුවකු වන ලෙනාඩෝ ඩික‍්‍රැපියෝගේ පදනමද මේ කාර්යය සඳහා මැදිහත් වී ඇත.

මේ ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රමාණයත් සමඟ 2020 වර්ෂය වන විට එරට සාගර ආරක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රමාණය 0.04% සිට 30% දක්වා ඉහළ යයි. නිවර්තන කලාපයේ පිහිටා ඇති බැවින් මේ ප‍්‍රදේශ සාගර ජෛව විවිධත්වය සම්බන්ධව වැදගත් ප‍්‍රදේශ වන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. එසේම මේ ප‍්‍රදේශ අද වන විට විවිධ ආකාරයේ තර්ජනවලට ලක්ව ඇත. යෝජනා කර ඇති පරිදි අදාළ ප‍්‍රදේශ දෙකෙහි කළ හැකි මානව කටයුතු පිළිබඳවද සීමා පනවා තිබෙයි.

මේ ආකාරයෙන් කිසියම් රටක් ලබාගෙන ඇති ණය සඳහා පරිසර සම්පත් හුවමාරු කිරීම පිළිබඳව කලින් කල සාකච්ඡා වී තිබෙයි. ඇතැම් එවැනි නිදසුන් ලෝකයේ දැකිය හැකිය. එ් පිළිබඳව ඇතැම් විට නිෂේධනීය අදහස් තිබුනද යහපත් විය හැකි අවස්ථාද ඇති බව මේ පුවත අනුව වැටහේ. කෙසේ වෙතත් සියල්ල තීරණය වන්නේ අදාළ කාර්යයේ අරමුණ හා එම කාර්යය සඳහා එකඟ වන කොන්දේසි ආදිය අනුව බව පැහැදිලිය.