Monday, August 1, 2016

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ආසියානු නගරවල වායු දූෂණය පාලනයට ගැටලූ


බොහෝ දියුණු රටවල් කලකට පෙර අම්ල වැසි වැනි තත්ත්වවලින් පීඩා විඳි නමුත් එ් රටවල ප‍්‍රධාන නගරවල වායු දූෂණය මේ වන විට බෙහෙවින් අඩු වී ඇත. ඊට හේතුව වසර තිහකට පමණ පෙර සිට අදාළ රටවල පිරිසිදු වාතය හා සම්බන්ධ නීති රීති ක‍්‍රියාත්මක වීමයි. එහෙත් ආසියානු රටවල විශාල නගරවල තත්ත්වය මීට වඩා වෙනස්ය. එ් නගරවල වායු දූෂණය තවමත් ඉහළ වන අතර අම්ල වැසි ඇතිවීමද ඉහළ යමින් තිබේ.

මේ තත්ත්වය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ තත්ත්වය හා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල නාගරික ප‍්‍රදේශවල තත්ත්වය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකිනි. නැගෙනහිර ආසියානු රටවල මේ තත්ත්වය සඳහා හේතු වී ඇත්තේ වායු දූෂණය වැළැක්වීම සඳහා ක‍්‍රියාත්මක වන නීති ප‍්‍රමාණවත් නොවීමත් පවත්නා නීති නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවීමත් බව පෙන්වාදී ඇත. අවාසනාවකට මෙන් මේ තත්ත්වය දියුණුවන රටවල් අතර බෙහෙවින් දැකිය හැකි තත්ත්වයකි.

(මූලාශ‍්‍රය: Atmospheric Environment, DOI: 10.1016/j.atmosenv.2013.01.033)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක් - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක්

 

ධ‍්‍රැව ප‍්‍රදේශවල ජීවත්වන සත්ත්ව විශේෂ රැුසකට දේශගුණ වෙනස්වීම අහිතකර සේ බලපායි. එහෙත් එක් පෙන්ගුවින් විශේෂයකට එය ඊට වඩා වෙනස් බලපාන බව පසුගියදා වාර්තා විය. එ් අඩෙලි පෙන්ගුවින් නම්න් හැඳින්වෙන Pygoscelis adeliae නම් පෙන්ගුවින් විශේෂයයි.

මේ බව හෙළි වී ඇත්තේ 1958 සිට 2010 කාලය දක්වා කාලයේදී ඇන්ටාක්ටිකාවේ එක් ඇඩෙලි පෙන්ගුවින් ගහනයක බිත්තර දැමීමට හැකි ප‍්‍රදේශවල වෙනස්වීම හා ගහනයේ ප‍්‍රමාණය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකිනි. මේ කාලය අතර මේ ප‍්‍රදේශයේ අයිස් ක්ෂේත‍්‍රය අඩුවී ගොස් ඇති අතර අයිස්වලින් වටවූ විවෘත ජලය සහිත ප‍්‍රදේශ (පොලිනියා - Polynya) ඉහළ ගොස් ඇත. එසේම 1980 දශකයේ සිට මේ ප‍්‍රදේශයේ උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 0.5කින් පමණ ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ඇඩෙලි පෙන්ගුවින් ගහනය 84%කින් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ට යෝග්‍ය වාසස්ථාන ප‍්‍රදේශය 71%කින්ද වර්ධනය වී ඇත. කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇත්තේ 1980 දශකයෙන් පසුව වීම විශේෂයකි. ඉදිරියේදී ඇන්ටාක්ටිකාවේ වෙනත් ප‍්‍රදේශවලද මේ පෙන්ගවින් විශේෂයට යහපත් තත්ත්ව ඇතිවීමේ අවස්ථාවක් තිබේ. 

(මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0060568)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය


බ‍්‍රසීලයේ පිහිටි ලෝකයේ විශාලතම වනාන්තරයක් වන ඇමසන් වනාන්තරය හෙළි වීම ජගත් මට්ටමින් සාකච්ඡුාවට ලක්ව ඇති පාරිසරික ගැටලූවකි. මේ විනාශයට බලපාන ප‍්‍රධාන හේතු අතර ඇති ගවමස් හා සෝයා බෝංචි පරිභෝජනය බව පෙන්වා දෙන අධ්‍යයනයක් ඉන් කොටසක් සඳහා ජගත් මට්ටමින් වගකිව යුතු බවද පෙන්වාදී තිබේ.

1990-2012 අතර කාලයේ බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය නිසා නිකුත් වී ඇති හරිතාගාර වායු විමෝචන හා ඊට බලපා ඇති ප‍්‍රධාන සාධක දෙකක් වන ගව පාලනයේ හා සෝයා වගාවේ තරම සම්බන්ධ කිරීමෙන් මේ අපූරු පර්යේෂණය සිදුකර ඇත. එ් අනුව මෑත කාලයේදී මේ ද්‍රව්‍ය පරිභෝජනය හා අපනයනය ඉහළ ගොස් ඇත.

ගව මස් මෙන්ම සෝයාවල වැඩි පරිභෝජනයක් සිදුවන්නේ බ‍්‍රසීලය තුළ වන නිසා ඊට වැඩි වගකීමක් ඇත්තේ බ‍්‍රසීලයේම බව පෙනේ. එහෙත් ඉන් කොටසක් අපනයනය කරන බැවින් මේ වායු විමෝචන අතරින් කොටසකට ලෝකයේ සෙසු රටවලද යම් වගකීමක් තිබේ. බ‍්‍රසීල වන විනාශයෙන් නිකුත්වන විමෝචනවලින් 30%ක් බ‍්‍රසීලයෙන් අපනයනය කරන ද්‍රව්‍ය නිසා නිකත් වේ. ඉන් 19%ක් සෝයා බෝංචි නිසා වන අතර 71%ක් පමණ ගව පාලනය මගින් විමෝචනය වේ. දිනෙන් දින මේ අපනයන ඉහළ යන අතර, යුරෝපා වෙළෙඳපොළට වඩා වැඩි සෝයා හා ගවමස් ප‍්‍රමාණයක් ආසියාවට අපනයනය කෙරේ. එ් චීනයේ හා රුසියාවේ පරිභෝජනය නිසාය.

මේ අනුව පෙනෙන තවත් කරුණක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම නිසා ඇමසන් වනාන්තරය සංරක්ෂණ කිරීමට ක‍්‍රියාත්මක වන ජගත් මට්ටමේ වැඩසටහන්වල ඵලදායී බව අවතක්සේරු කරන බවය.

(මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/8/2/024005)