Showing posts with label Ecosystems. Show all posts
Showing posts with label Ecosystems. Show all posts

Thursday, February 7, 2019

මුහුදු තණ බිම් වෙරළ ආරක්ෂාවට වැදගත්

ජගත් පරිසර පුවත් 296 - 09.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.01.2019, පි. 3 (Vidusara)



නිවර්තන කලාපීය වෙරළ ප‍්‍රදේශ සමුද‍්‍ර ඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී වන පරිසර පද්ධතියක් ලෙස මුහුදු තණ බිම් යොදාගැනීමෙන් දැනට වෙරළ ආරක්ෂා කිරීමට හා සරුකිරීමට යොදාගන්නා වියදම් අධික වූ ක‍්‍රමවල අවශ්‍යතාවය අඩු කළ හැකි බව පර්යේෂණයක් මගින් අනාවරණය කරෙගන ඇත.

කැරිබියානු මුහුදු තීරය ආශ‍්‍රිතව සිදුකර ඇති පරීක්ෂණ හා ක්ෂේත‍්‍ර නිරීක්ෂණ මත පදනම්ව මෙම නිගමනයට පැමිණ ඇත්තේ නෙදර්ලන්ත හා මෙක්සිකෝ විද්‍යාඥ කණ්ඩායමකි. සංචාරක කර්මාන්තයට ඉතා ප‍්‍රකට වූ මෙම වෙරළ තීරය එම කලාපයේ දළ දේශීය නිෂෟපාදිතයෙන් අඩක් පමණ සපයයි.

මුහුදු තණ මගින් එය් සිදුවන්නේ වැලි සහ වෙනත් අවසාදිත අංශු වෙරළේ තබා ගැනීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරන නිසාය. රළ සම`ග එම අංශු චලනය වීම වළක්වාලීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරයි. විශේෂයෙන් කැල්සනීභවනය වන ඇල්ගී සම`ග මුහුදු තණ පවත්නා විට මෙම තත්ත්වය වඩාත් ඵලදායී ලෙස සිදුවන බවද පෙන්වා දී ඇත. මෙක්සිකෝවේ යුටාකාන් අර්ධද්වීපයේ විවිධ ප‍්‍රදේශවල දැකිය හැකි තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ මුහුදු තණ පවත්නා විට වෙරළ ඛාදනය වීමෙහි පැහැදිලි අඩුවක් ඇති බවයි. එසේම මුහුදු තණ විනාශ වූ අවස්ථාවලදී වෙරළ ඛාදනයේ කැපී පෛනන වර්ධනයක්ද දකිය හැකිය. එ් අනුව මුහුදු තණ හා කැල්සනීභවනය වන ඇල්ගී සහිත වෙරළ තීරයක් යනු වෙරළ ඛාදනයට එරෙහිව ක‍්‍රියාත්මක විය හැකි තිරසර වූ විකල්පයකි.

වෙරළ ඛාදනය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය රටවලට ගැටලූවක් වී ඇත. එම තර්ජනය දේශගුණ වෙනස් වීම හා සම`ග තවදුරටත් ඉහළ යමින් පවතියි. මෙම තත්ත්වයට විසඳුම් ලෙස යොදාගන්නා ක‍්‍රම අධික වියදම් සහිත වීම මේ පිළිබඳව තවදුරටත් බරපතළ කරයි. කෘති‍්‍රම වෙරළ, කොන්ක‍්‍රීට් හා ගල් වැටි ආදිය මීට නිදසිනකි. ආර්ථික වශයෙන් වැදගත් සංචාරක කර්මාන්තය සඳහා ප‍්‍රකට වූ වෙරළ තීර මෙම තත්ත්වය නිසා විනාශයට පත්වෙමින් තිබෙයි. එබැවින් මෙම ගැටලූව මෙවැනි ස්වාභාවික වූ විසඳුමක් තිබීම වැදගත් අනාවරණයකි. එසේම ඇතැම් අවස්ථාවලදී වෙරළ සම්බන්ධව සැලකන විට මුහුදු තණ කරදරකාරී දෙයක් ලෙස සලකන ආකල්පයක් තිබීම හා ඒවාට තර්ජනද රැුසක් පැවතීම නිසාද උක්ත අධ්‍යයනය වැදගත් වෙයි. (මූලාශ‍්‍රය: BioScience, DOI: 10.1093/biosci/biy154)

Sunday, September 30, 2018

දේශගුණ වෙනස් වීම හමුවේ වෙරළබඩ තෙත්බිම් ආරක්ෂා වීමට නම්

ජගත් පරිසර පුවත් 281 - 19.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 19.09.2018, පි. 3 (Vidusara)



දේශගුණ වෙනස් වීම හමුවේ වෙරළබඩ තෙත්බිම්වලට ඇති විය හැකි තර්ජනය පිළිබඳව සිදුකරන ලද නවතම අධ්‍යයනයකට අනුව ලෝකය පුරා පිහිටා ඇති වෙරළබඩ තෙත්බිම් අතරින් 30%ක් පමණ ප‍්‍රමාණයක් 2100 වර්ෂය වන විට අහිමි වීමේ අවදානමක් ඇත. එ් එම තෙත්බිම්වලට ගොඩබිම දෙසට ව්‍යාප්ත වීමට අවකාශයක් නොමැති තත්ත්වයක් හමුවේ එ්වා ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රමාණවත් පියවරක් නොගතහොත්ය. එයට හේතුවන්නේ මිහිතලය උණුසුම්වීම හා වෙරළබඩ ප‍්‍රදේශ ජලයෙන් යට වීම නිසා ඇතිවන තර්ජනයයි. උදම් වගුරු, කඩොලාන වැනි විවිධාකාර මෙම වෙරළබඩ තෙත්බිම් ආරක්ෂා කරගැනීමට හැකි මූලික ක‍්‍රමය වන්නේ එ්වා ගොඩබිම දෙසට ව්‍යාප්ත වීමට අවස්ථාවක් පැවතීමය. එ් සඳහා වෙරළබඩ තීරයේ මානව යටිතල පහසුකම් තැනීම බලපාන අතර එ්වා 21 වන සියවස ඇතුළත සැලකිය යුතු තරමින් වෙනස් වනු ඇති බවක් අපේක්ෂිතය.

ජගත් මට්ටමෙන් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ප‍්‍රාදේශීය දත්ත යොදාගනිමින් එ්වා තෙත්බිම්වලට බලපාන ආකාරය සංසන්දනය කිරීමෙනි. වෙරළ ප‍්‍රදේශයේ උස, උදම් මට්ටම, අවසාදිත තැන්පත් වන වේගය, වෙරළබඩ ප‍්‍රදේශයේ ජනගහනය හා මුහුදු මට්ටම ඉහළ යෑම පිළිබඳ තක්සේරු කිරීම් මෙසේ යොදාගෙන ඇති දත්ත අතර වෙයි. මෙම දත්ත යොදාගනිමින් අදාළ වෙරළබඩ තෙත්බිම්වල තැන්පත්වන අවසාදිත ප‍්‍රමාණය හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යන ප‍්‍රමාණය හා සමානව තෙත්බිම්වල උන්නතාංශය ඉහළ යා හැකිද යන්න හෝ තෙත්බිම්වලට ගොඩබිම අභ්‍යන්තරයට ව්‍යාප්ත වීමට අවස්ථාවක් තිබේද යන්න සලකා බලා ඇත.

මෙම අධ්‍යයනයේදී වඩාත් ප‍්‍රාදේශීය වශයෙන් වැදගත්වූ දත්ත යොදාගෙන ඇති බැවින් පෙර පැවැති ගණනය කිරීම්වලට වඩා නිවැරදී ගණනය කිරීම් මෙහිදී ලැබී ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. මින් පෙර තිබූ ගණනය කිරීම් සමහරකින් වෙරළබඩ තෙත්බිම්වලින් 90%ක් පමණ අහිමි විය හැකි බව දක්වා තිබූ අවස්ථාද ඇත. එහෙත් මෙම නව පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ වෙරළබඩ තෙත්බිම් අතරින් විශාල ප‍්‍රමාණයක් අහිමි වීම වළක්වා ගත හැකි බවයි. එ් එම තෙත්බිම්වලට ව්‍යාප්ත විය හැකි අතිරේක අවකාශයක් සකස් කිරීම සඳහා අනුහුරු වීමේ විසඳුම් හඳුන්වා දීම් මගින් වෙරළ සම්පත් කළමනාකරණය හරහා පියවර ගැනීමෙනි. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/s41586-018-0476-5)

ජෛව විවිධත්වය සඳහා වැදගත් වාසස්ථාන ආරක්ෂා කළ යුතුයි

ජගත් පරිසර පුවත් 279 - 05.09.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 05.09.2018, පි. 3 (Vidusara)



ලෝකයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි වැඩියෙන් පරිසර පද්ධති ආරක්ෂා කළ යුතු බව සාමාන්‍ය පිළිගැනීමය. ඇතැම් ගණනය කිරීම් අනුව ලෝකයේ භූමි ප‍්‍රමාණයෙන් අඩක් පමණ එ් සඳහා ආරක්ෂා කළ යුතු වෙයි. එහෙත් පසුගිදා ප‍්‍රකාශයට පත් එක් අධ්‍යයනයකට අනුව වඩාත් වැදගත් වන්නේ අප ආරක්ෂා කරන භූමි ප‍්‍රමාණය නොව ජෛව විවිධත්වය සම්බන්ධව එහි ඇති ගුණාත්මක බවයිි. එ් අනුව ජෛව විවිධත්වය වඩාත් සාර්ථකව හා සම්පූර්ණව ආරක්ෂා කිරීමට නම් සංරක්ෂණ බලධාරීන් අවධානය යොමු කළයුත්තේ වැදගත් වාසස්ථාන (නැහ ය්ඉසඒඑි* පිළිබඳවය. විශේෂයෙන් ආරක්ෂිත ප‍්‍රදේශවලින් පිටත පිහිටා ඇති එ්වා පිළිබඳවය. අඩු ව්‍යාප්තියක් ඇති ජීවී විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා මෙය වැදගත් වෙයි.

ලෝකයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත තත්ත්වය පත් කර ඇති ප‍්‍රදේශ අතරින් වැඩි ප‍්‍රමාණයක් ඈත දුෂ්කර ප‍්‍රදේශවල පිහිටා ඇති, දැඩි ශීත හෝ ශුෂ්ක වැනි ආන්තික තත්ත්ව පවත්නා ප‍්‍රදේශ වෙයි. එහෙත් මේ ප‍්‍රදේශවල දැකිය හැක්කේ සාපේක්ෂව අඩු ජීවී විශේෂ ප‍්‍රමාණයකි. මේ පර්යේෂකයන් පෙන්වාදී ඇති ආකාරයට ලෝකයේ භූමි ප‍්‍රමාණයනේ අඩක් පමණ වූ භූමියක් ආරක්ෂා කිරීමෙන් අද ආරක්ෂිත තත්ත්වයේ ඇති ජීවී විශේෂ ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් ආරක්ෂා කළ නොහැකි විය හැකිය.
මේ අධ්‍යයනයේදී ලෝකයේ ආරක්ෂිත ප‍්‍රදේශ හා ක්ෂීරපායින්, පක්ෂීන් හා උභයජීවීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු සමපාත වන ආකාරය සිතියමක් මගින් අධ්‍යයනය කර තිබෙයි. මේ අනුව පෙනී ගොස් ඇත්තේ ඇතැම් ජීවී විශේෂවල අඩවියෙන් කොටසක් ආරක්ෂිත ප‍්‍රදේශ තුළ ඇතත් බරපතළ හිදැස් පවත්නා බවයි.
මෙම අධ්‍යයනයෙන් ලබා දෙන පණිවුඩය පැහැදිලිය. ජීවී විශේෂ ආරක්ෂා කිරීම සඳහා කළ යුත්තේ හුදෙක් භූමිය ආරක්ෂා කිීම නොව එ් සඳහා අවශ්‍ය, වැදගත් හා නිවැරදි ස්ථාන ආරක්ෂා කිරීමය. භූමිය ආරක්ෂා කිරීම වෙනත් ආකාරවලින් වැදගත් බව සැබෑ වුවද, ජීවී විශේෂ ආරක්ෂා කිරීමට නම් අඩු ආරක්ෂාවක් ඇති ජීවී විශේෂ ජීවත්වන ප‍්‍රදේශ හඳුනාගත යුතුව තිබෙයි. මෙවැනි ප‍්‍රදේශ අතර මේ වන විටත් මානව බලපෑම් දැඩි ලෙස දැකිය හැකි ප‍්‍රදේශවල ඉතිරි වී ඇති කුඩා ප‍්‍රමාණයේ බිම් ප‍්‍රදේශ තිබිය හැකිය. මේවා ආරක්ෂා කිරීම ඉතා වැදගත්ය. (මූලාශ‍්‍රය: Science Advances, DOI: 10.1126/sciadv.aat2616)

Saturday, March 31, 2018

සාගරය ආම්ලිකකරණයෙන් කොරල්පර වර්ධනයට ඇති වන බලපෑම්

ජගත් පරිසර පුවත් 255 - 21.03.2018


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 21.03.2018, පි. 3 (Vidusara)



වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යෑම නිසා කොරල්පර තර්ජනයට ලක්වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. එ් කාබන් ඩයොක්සයිඞ් මුහුදු ජලයේ දියැවී මුහුද ආම්ලිකකරණය වන බැවිනි. මේ නිසා කැල්සියම් කාබනේට් වර්ධනය වීම වලකින අතර, කොරල්පරවල වර්ධනය සඳහා මෙය බලපායි.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ පිහිටි එක් පරයක් ආශ‍්‍රිතව සිදුකර ඇති මෙම අධ්‍යයනය සාගරය ආම්ලිකකරණය වීම ක්ෂේත‍්‍රයේ ස්වාභාවික කොරල් පර පද්ධතියක් ආශ‍්‍රිතව පරීක්ෂා කරන ලද පළමු අවස්ථාව වෙයි. මින් ඉහතදී පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සිදුකර ඇත්තේ එක් එක් කොරල් ජීවීන්ට සාගරය ආම්ලිකකරණය වීම බලපාන අන්දම සොයා බැලීමය. එහෙත් සමස්ත පරිසර පද්ධතියකට එය බලපාන ආකාරය පරීක්ෂා කරන ලද පලමු අවස්ථාව මෙය වෙයි. එහිදී සුවිශේෂ කොරල් පරිසර පද්ධතියකට කාබන් ඩයොක්සයිඞ්වලින් සංතෘප්ත වූ ජලය නිදහස් කිරීමෙන් මේ පරීක්ෂණය සිදුකර ඇත. මේ සියවසේ මැද භාගයේදී පමණ ඇති විය හැකි සාගර ආම්ලිකකරණය ප‍්‍රමාණය පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

පර්යේෂකයින්ට පෙනී ගොස් ඇත්තේ ජලයේ ඉහළ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයක් හමුවේ කොරල්පර චූර්ණීභවනයේ (calcification) තුනෙන් එකක පමණ අඩුවීමක් දැකිය හැකි බවයි. මෙම අඩුවීම නිසා විරංජන සිදුවීමකදී මෙන් කොරල්පර කෙටිකලක් තුළ මියයෑම සිදුනොවන නමුත් එමගින් කොරල්පර වර්ධනය, ප‍්‍රතිවර්ධනය වීමේ හැකියාව හා බෝවීමට ඇති හැකියාව අඩු කරයි. කොරල්පර විරංජනය වැනි කොරල්පර විනාශ වූ අවස්ථාවකදී එ්වා යථා තත්ත්වයට පත් වීම සඳහා කොරල්පරවල pH අගය අඩු වීම බලපෑ හැකිය. අධ්‍යයනයට ලක් වූ පරය ආශ‍්‍රිත සාගරයේ pH අගය 8.1ක් පමණ වූ අතර, පූර්ව කාර්මික අවධියේදී පැවැති සාගර ජලයේ pH අගය 8.2ක් පමණ වූ බව සැලකේ. මෙම පරීක්ෂණයේදී සාගර ජලයේ pH අගය 8.0 දක්වා අඩු කර ඇත.

(මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25968)