Thursday, February 7, 2019

මුහුදු තණ බිම් වෙරළ ආරක්ෂාවට වැදගත්

ජගත් පරිසර පුවත් 296 - 09.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.01.2019, පි. 3 (Vidusara)



නිවර්තන කලාපීය වෙරළ ප‍්‍රදේශ සමුද‍්‍ර ඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී වන පරිසර පද්ධතියක් ලෙස මුහුදු තණ බිම් යොදාගැනීමෙන් දැනට වෙරළ ආරක්ෂා කිරීමට හා සරුකිරීමට යොදාගන්නා වියදම් අධික වූ ක‍්‍රමවල අවශ්‍යතාවය අඩු කළ හැකි බව පර්යේෂණයක් මගින් අනාවරණය කරෙගන ඇත.

කැරිබියානු මුහුදු තීරය ආශ‍්‍රිතව සිදුකර ඇති පරීක්ෂණ හා ක්ෂේත‍්‍ර නිරීක්ෂණ මත පදනම්ව මෙම නිගමනයට පැමිණ ඇත්තේ නෙදර්ලන්ත හා මෙක්සිකෝ විද්‍යාඥ කණ්ඩායමකි. සංචාරක කර්මාන්තයට ඉතා ප‍්‍රකට වූ මෙම වෙරළ තීරය එම කලාපයේ දළ දේශීය නිෂෟපාදිතයෙන් අඩක් පමණ සපයයි.

මුහුදු තණ මගින් එය් සිදුවන්නේ වැලි සහ වෙනත් අවසාදිත අංශු වෙරළේ තබා ගැනීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරන නිසාය. රළ සම`ග එම අංශු චලනය වීම වළක්වාලීම සඳහා මුහුදු තණ ක‍්‍රියාකරයි. විශේෂයෙන් කැල්සනීභවනය වන ඇල්ගී සම`ග මුහුදු තණ පවත්නා විට මෙම තත්ත්වය වඩාත් ඵලදායී ලෙස සිදුවන බවද පෙන්වා දී ඇත. මෙක්සිකෝවේ යුටාකාන් අර්ධද්වීපයේ විවිධ ප‍්‍රදේශවල දැකිය හැකි තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ මුහුදු තණ පවත්නා විට වෙරළ ඛාදනය වීමෙහි පැහැදිලි අඩුවක් ඇති බවයි. එසේම මුහුදු තණ විනාශ වූ අවස්ථාවලදී වෙරළ ඛාදනයේ කැපී පෛනන වර්ධනයක්ද දකිය හැකිය. එ් අනුව මුහුදු තණ හා කැල්සනීභවනය වන ඇල්ගී සහිත වෙරළ තීරයක් යනු වෙරළ ඛාදනයට එරෙහිව ක‍්‍රියාත්මක විය හැකි තිරසර වූ විකල්පයකි.

වෙරළ ඛාදනය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය රටවලට ගැටලූවක් වී ඇත. එම තර්ජනය දේශගුණ වෙනස් වීම හා සම`ග තවදුරටත් ඉහළ යමින් පවතියි. මෙම තත්ත්වයට විසඳුම් ලෙස යොදාගන්නා ක‍්‍රම අධික වියදම් සහිත වීම මේ පිළිබඳව තවදුරටත් බරපතළ කරයි. කෘති‍්‍රම වෙරළ, කොන්ක‍්‍රීට් හා ගල් වැටි ආදිය මීට නිදසිනකි. ආර්ථික වශයෙන් වැදගත් සංචාරක කර්මාන්තය සඳහා ප‍්‍රකට වූ වෙරළ තීර මෙම තත්ත්වය නිසා විනාශයට පත්වෙමින් තිබෙයි. එබැවින් මෙම ගැටලූව මෙවැනි ස්වාභාවික වූ විසඳුමක් තිබීම වැදගත් අනාවරණයකි. එසේම ඇතැම් අවස්ථාවලදී වෙරළ සම්බන්ධව සැලකන විට මුහුදු තණ කරදරකාරී දෙයක් ලෙස සලකන ආකල්පයක් තිබීම හා ඒවාට තර්ජනද රැුසක් පැවතීම නිසාද උක්ත අධ්‍යයනය වැදගත් වෙයි. (මූලාශ‍්‍රය: BioScience, DOI: 10.1093/biosci/biy154)

No comments:

Post a Comment