Tuesday, June 21, 2016

මාර්ගවල පරිසර බලපෑම් - ජගත් පරිසර පුවත් 006 (27.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)


මාර්ගවල පරිසර බලපෑම්


මහාමාර්ග ඉදිකිරීම නිසා පරිසරයට ඇතිවන බලපෑම් පිළිබඳව ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් අපට අසන්නට ලැබේ. විශේෂයෙන් වනාන්තර හා වෙනත් නොඉඳුල් පරිසර පද්ධති හරහා මාර්ග ඉදිකිරීම නිසා ඇති විය හැකි බලපෑම් මේ අතරින් ප‍්‍රමුඛය.

මහාමාර්ග පිළිබඳව මෑතදී සිදුකරන ලද විමර්ශනයකට අනුව මහාමාර්ග මගින් පරිසරයට සැලකිය යුතු ආපසු නිවැරදි කළ නොහැකි හානියක් ඇතිවිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇමසන් වනාන්තරයේ වන විනාශයෙන් හා වන ගිනි අතරින් 95%ක් පමණ ඇති වී තිබෙන්නේ මාර්ගවල සිට කිලෝමීටර් 10ක දුරක් ඇතුළතය.

කෙසේ වෙතත් අදාළ මේ පර්යේෂකයින්ට ඔවුන් පෙන්වාදෙන ආකාරයට මනාව සැලසුම් කර මහාමාර්ග ඉදිකිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකිය. මාර්ග පිහිටුවිය යුතු ස්ථානය මෙහිදී ඉතා වැදගත්ය. මාර්ග ඉදි කළ යුත්තේ වනගත ප‍්‍රදේශවලින් ඈත්ව පිහිටි ප‍්‍රදේශවලය. එසේම, කෘෂිකර්මය හා සංවර්ධනය සඳහා යෝග්‍ය ප‍්‍රදේශවලය. එවැනි ප‍්‍රදේශවල ප‍්‍රවාහනය දියුණු වීමෙන් වනගත ප‍්‍රදේශ හෙළිවීම සඳහා ඇති අවස්ථාවද අඩු වේ. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/495308a)

No comments:

Post a Comment