Tuesday, June 21, 2016

අධික ශබ්දය නිසා ගී ගයන පක්ෂීන් නගරයෙන් ඈතට - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.03.2013

Vidusara - (World Environmental News - 20.03.2013)


අධික ශබ්දය නිසා ගී ගයන පක්ෂීන් නගරයෙන් ඈතට


ගහ කොළ පිරි පරිසරයට හා පක්ෂී ගීතවලට බොහෝ මිනිස්සු කැමැත්ත දක්වති. එ් නිසා නාගරික ප‍්‍රදේශවල ගස් වැවීම, උද්‍යාන ඇති කිරීම මගින් පක්ෂීන් ආකර්ෂණය කරගැනීමට මිනිසුන් උත්සාහ කරන අතර නාගරික පරිසරයේ ජීවත්වීමට හැකි හැකි වීම පක්ෂි ව්‍යාප්තියේ සාර්ථකත්වය සඳහාද උපකාරී වී ඇත. එහෙත් පක්ෂීන්ට ගැලපෙන පරිසරයක් පවත්නා ඇතැම් නාගරික ප‍්‍රදේශවල ගී ගයන පක්ෂීන්ගේ සුලබතාවයේ අඩුවීමක් දැකිය හැකි වීම විද්‍යාඥයින්ට ගැටලූවක් වී තිබිණි.

මේ පිළිබඳව විමසීම සඳහා කැනඩාවේ එඞ්මන්ටන් ප‍්‍රදේශයේ කළ අධ්‍යයනයකදී ශබ්දය අධික වූ විට එ් පරිසරයේ දැකිය හැකි ඇතැම් ගී ගයන පක්ෂි විශේෂවල සුලභතාවය අඩු වන බව හෙළි වී ඇත. අධ්‍යයනයට ලක් කළ ගී ගයන පක්ෂි විහේෂ හතක් අතරින් තුනක මෙවැනි අඩුවීමක් පෙනීගොස් තිබේ.

මේ බලපෑම දැකිය හැක්කේ අඩු සංඛ්‍යාතයක් ඇති ගීත ගයන පක්ෂි විශේෂවලය. අධික ශබ්දයක් ඇති ප‍්‍රදේශවල එවැනි පක්ෂීන්ගේ අඩු සංඛ්‍යාතයක් ඇති ඇති ගීත අන් පක්ෂීන්ට ඇසීම අඩු වේ. මෙය පක්ෂි සන්නිවේදනයට දැඩි ලෙස බලපෑම් කළ හැකිය. පිරිමි පක්ෂියකුගේ ඇසීමට නොහැකි වීමෙන්, ගැහැණු සතුන් අදාළ පිරිමි පක්ෂියා අයෝග්‍ය පිරිමි සතකු බව තීරණය කළ හැකි වීම මීට නිදසුනකි. එය ඔවුන්ගේ අභිජනනයට බලපෑ හැකි කරුණකි.

මේ අනුව පක්ෂීන් අපේ පරිසරයට ඉක්මනින් හැඩගැසෙන බව අප සිතන නමුත්, ඊට යම් සීමා, මිනිසුන් විසින් ඇති කරන ලද සීමා ඇති බව මේ අනුව පෙනේ. පරිසරයේ දැකිය හැකි වෘක්ෂලතා දර්ශ යෝග්‍ය වුවත් ඇතැම් පක්ෂීන්ගේ සුලභතාවය සඳහා ශබ්දය සීමාකාරී සේ බලපා ඇති බව පෙනේ. (මූලාශ‍්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12098)

No comments:

Post a Comment