Sunday, June 19, 2016

කැස්බෑවුන් රකින්නට නම් බිජු ලන බිම් සුරකින්න - ජගත් පරිසර පුවත් 002 (27.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 27.02.2013 (Vidusara)


කැස්බෑවුන් රකින්නට නම් බිජු ලන බිම් සුරකින්න


කැස්බෑවුන් යනු ලෝකයේ වාසය කරන වඩාත් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව කාණ්ඩයකි. ඔවුන් මුහුණදී ඇති තර්ජන අතර දේශගුණ වෙනස්වීමද මුල් තැනක් ගනියි. විශේෂයෙන් මුහුදු මට්ටම ඉහළ යෑම, කුණාටු තත්ත්ව දැඩි වීම, ඉහළ උෂ්ණත්වය වැනි තත්ත්ව නිසා කැස්බෑවුන්ගේ බිත්තර දමන ප්‍රදේශවල ගැටලූ ඇති විය හැකිය. අදාළ භූමියේ පවත්නා උෂ්ණත්වය මත ජනිතයින්ගේ ගැහැණු-පිරිමි අනුපාතය තීරණය වීමද වැදගත් කරුණකි.

මේ අධ්‍යයනයේදී හඳුනාගෙන ඇති ආකාරයට කැස්බෑවුන් සඳහා වැදගත් වන ප්‍රාදේශීය කළමනාකරණ එ්කක (regional management units) 58ක් අතරින් 13ක් පමණ ප්‍රමාණයක් දේශගුණ වෙනස්වීමට ඔරොත්තුදීමට අඩු හැකියාවක් දක්වයි. එA ප්‍රදේශවල වෙසෙන කැස්බෑවුන් ආරක්ෂා කිරීම අභියෝගයකි.

මේ සඳහා ඔවුන් බිත්තර දමන බිම් ප්‍රදේශ හා බිජු දැමීමට යෝග්‍ය වූ ප්‍රදේශ ආරක්ෂා කිරීම ඉතා වැදගත් පියවරක් බව ජගත් මට්ටමේ අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. එසේම උෂ්ණත්වයේ බලපෑම පාලනය සඳහා බිත්තර රැක්කවීමේ කාර්යයේදී මැදිහත්වීමද වැදගත් විය හැකිය. එසේම අහම්ඛෙන් මත්ස්‍ය දැල්වලට පැටලීම වැළැක්වීම හා වෙරළබඩ ප්‍රදේශවල සිදුවන සංවර්ධනය පාලනය කිරීමද කැස්බෑ සංරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය වේ. දේශගුණ වෙනස් වීම පාලනට කිරීමට තවත් කල් ගතවිය හැකි බැවින් මේ පියවර අනුගමනය කිරීම යෝග්‍ය වේ. (මූලාශ්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12138)

No comments:

Post a Comment