Tuesday, June 21, 2016

අවම උෂ්ණත්වයේ වැඩි වීම කුහුඹුවන්ට බලපාන ආකාරය- ජගත් පරිසර පුවත් 006 (27.03.2013)


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.03.2013

Vidusara - World Environmental News (27.03.2013)


අවම උෂ්ණත්වයේ වැඩි වීම කුහුඹුවන්ට බලපාන ආකාරය


මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා පරිසර පද්ධතිවලට හා ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමුව ඇති විෂයයකි. පසුගියදා ප‍්‍රකාශයට පත්වූ මෙවැනි එක් අධ්‍යයනයකින් හෙළිවී ඇති ආකාරයට, පරිසර පද්ධතිවල ඇතිවන වෙනස්කම් හා සම්බන්ධව අවම උෂ්ණත්වයේ ඉහළ යෑම වඩාත් වැදගත් වේ.

ඇමරිකාවේ ඇපලේචියන් කඳුකර ප‍්‍රදේශයේ වාසය කරන උණුසුම් තත්ත්වවලට වඩා කැමැත්තක් දක්වන Aphaenogaster rudis නම් කුහුඹු විශේෂයේ සංක‍්‍රමණය රටාව පිළිබඳව මේ පර්යේෂණය සිදුකරන ඇත. 1974 වර්ෂයේදී හා 2012 වර්ෂයේදී මේ විශේෂයේ ව්‍යාප්තිය හා අදාළ කාලයේදී සිදුවූ ඇති උෂ්ණත්ව වෙනස්වීම් පිළිබඳ දත්ත මේ සඳහා භාවිතයට ගෙන තිබේ. මේ කාලය ඇතුළත උක්ත කුහුඹු විහේෂය වඩා උස් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වී ඇත. එහෙත් ප‍්‍රදේශයේ මධ්‍යයන උෂ්ණත්වයේ හා උපරිම උෂ්ණත්වයේ වෙනස්වීමක් වී නොමැති අතර, ප‍්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂයකි. එ් අනුව අදාළ කුහුඹු විශේෂයේ ව්‍යාප්තිය සඳහා සීමාකාරී ලෙස බලපා ඇත්තේ ඉහළම උෂ්ණත්වය නොව අවම උෂ්ණත්වයේ සිදුවී ඇති වෙනස්කමයිි.

කෙසේ වෙතත් මේ කුහඹු විශෙෂයේ සංක‍්‍රමණයත් සමඟ අදාළ ගනයටම අයත් තවත් කුහඹු විශේෂයක සාපේක්ෂ විතැන් වීමක්ද වාර්තා වී ඇත. එමේ විතැන් වන විශේෂය ඇතැම් ශාකවල පැවැත්මට යම් බලපෑමක් ඇති වන බැවින්, සුළු උෂ්ණත්ව වෙනස්වීමකින් පවා පරිසර පද්ධතිවල සැලකිය යුතු බලපෑමක් පරිසරයේ බලපෑම් ඇති විය හැකි බව පැහැදිලිය. (මූලාශ‍්‍රය: Global Change Biology, DOI: 10.1111/gcb.12169)

No comments:

Post a Comment