Sunday, June 19, 2016

කොරල් සංරක්ෂණය සඳහා වැදගත් පර හඳුනාගැනීම - ජගත් පරිසර පුවත් 003 (06.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර 06.03.2013 (Vidusara)


 කොරල් සංරක්ෂණය සඳහා වැදගත් පර හඳුනාගැනීම


කාබන් ඩයොක්සයිඩ් විමෝචන ඉහළ යෑම නිසා අනාගතයේදී කොරල්පර විරංජනය වීම් සුලභවීමට හා වඩාත් දැඩි වීමට ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මේ නිසා 2045 වර්ෂය වන විට සෑම වර්ෂයකදීම පාහේ විරංජනයට ලක්වන කොරල් පර ප්‍රමාණය සමස්ත පර ප්‍රමාණයෙන් 74%ක් පමණ විය හැකිය. උක්ත අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත පස්වන ඇගැයීම් වාර්තාව සඳහා භාවිත කර ඇති දේශගුණ ආකෘතියයි.

එසේම ලෝකයේ ඇතැම් කොරල් පර, විරංජනයට ලක්වීම තරමක් ප්‍රමාදවීමට ඉඩ තිබේ. මේ නිසා එAවා කොරල්පරවල පැවැත්ම තහවුරු කිරීම සඳහා යොදා ගත හැකි තාවකාලික රක්ෂාස්ථාන (temporary refugia) සේ සැලකිය හැකිය. බටහිර ඉන්දියානු සාගරය, තායිලන්තය, මහා බාධක පරයේ දකුණු ප්‍රදේශ, මධ්‍යම ප්‍රංශ පොලිනීසියාව මෙවැනි පර පිහිටි සාගර කලාප අතර වේ.

අනෙක් අතට කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය අඩු කළ හැකි නම්, කොරල්පර අතරින් 23%ක් තරම් ප්‍රමාණයක් විරංජනයට ලක් වීම දශක දෙකකින් පමණ ප්‍රමාද කළ හැකි බව මේ අධ්‍යයනයේදී අනාවරණය වී ඇති වැදගත් සිදුවීමකි. (මූලාශ්‍රය: Nature Climate Change, DOI: 10.1038/nclimate1829)

No comments:

Post a Comment