Sunday, June 19, 2016

මානසික රෝග ඔසුවකින් මසුන්ට බලපෑමක් - ජගත් පරිසර පුවත් 001 (20.02.2013)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 20.02.2013


මානසික රෝග ඔසුවකින් මසුන්ට බලපෑමක්


මානසික රෝග සඳහා මිනිසුන් විසින් භාවිත කරන ඖෂධයක් මිනිස් බහිස්‍රාවී ද්‍රව්‍ය සමග බාහිර පරිසරයට එක්වීමෙන් පසුව ජලමාර්ගවලට මිශ්‍රවී මත්ස්‍යයින්ගේ හැසිරීම්වලට බලපෑම් කළ හැකි බව පසුගියදා වාර්තා විය.

මේ බව හෙළි වී ඇත්තේ පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ඔක්සසෙපෑම් (Oxazepam) නම් ඖෂධය යුරෝපියානු පර්ච් (Perca fluviatilis) මත්ස්‍යයාට බලපාන ආකාරය පිළිබඳව ස්වීඩනයේ සිදුකරන ලද පර්යේෂණයකදීය. එහිදී මේ මසුන් ජලමාර්ගවල හමුවන සාන්ද්‍රණයට සමාන වූ ඔක්සසෙපෑම් සාන්ද්‍රණයකට නිරාවරණය කර ඇති අතර මෙහිදී ඔවුන්ගේ හැසිරීමේ සැලකිය යුතු වෙනස්වීම් පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කර ඇත. නිදසුනක් ලෙස ගතහොත් මේ මත්ස්‍යයින්ගේ ආහාර ගැනීම වේගවත් වී ඇති අතර සමාජශීලී භාවය අඩු වී තිබේ. එසේම අදාළ මසුන්, සාමාන්‍ය මසුන්ට වඩා අධික ක්‍රියාකාරිත්වයක්ද පෙන්වා තිබේ.

මසුන් මෙන්ම ජලජ පරිසරයේ ජීවත්වන වෙනත් ජීවීන්ද නිරත්නරව එහි ඇතුළත් රසායනික ද්‍රව්‍යවල බලපෑමට ලක්වීම සැලකිය යුතු ගැටලූවකි. මෙහි ඇති වැදගත්කම වන්නේ ප්‍රතිකාර කරන ලද ජලයේ පවා ඖෂධ වැනි රසායන ද්‍රව්‍ය ඇතුළත් විය හැකි වීමය. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1226850)

No comments:

Post a Comment