Sunday, June 19, 2016

අනාගත මුහුදු මට්ටම ඉහළ යෑම තැනින් තැනට වෙනස් වන අයුරු - ජගත් පරිසර පුවත් 002 (27.02.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර 27.02.2013 (Vidusara)

අනාගත මුහුදු මට්ටම ඉහළ යෑම තැනින් තැනට වෙනස් වන අයුරු


මේ ශතවර්ෂය ඇතුළත ඇතිවන මුහුදු මට්ටම ඉහළ යෑම ලෝකයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සැලකිය යුතු ආකාරයෙන් වෙනස් විය හැකි බව පරිගණක ආකෘතියක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. මේ සඳහා හේතුවන්නේ මුහුද, ගොඩබිම හා අයිස් එකිනෙක හා අන්තර්ක්‍රියා කරන ආකාරයයි. භූමිගේ ඇති වන ගිලීයෑම හා ඉහළය මතුවීම්, මුහුදේ ජලය උණුසුම්වීම නිසා ලෝකය පුරා ජලය පැතිරයාමේ වෙනස්කම් ඇති වීම හා ධ්‍රැව ප්‍රදේශවල අයිස් නිසා ජලය මත ඇතිකර ගුරුත්වාකර්ෂණ බලපෑම වෙනස් වීම මේ සඳහා බලපාන සාධක අතර වේ.


මේ අනුව හෙළි වී තිඛෙන්නේ වැඩිම මුහුදු මට්ටම ඉහළ යෑමක් පැසිෆික් සාගරයේ ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි බවය. එසේම, ධ්‍රැව ප්‍රදේශවල මුහුදු මට්ටම කිසියම් අඩුවීමක් පවා ඇති විය හැකිය.

ලෝකයේ තැනින් තැන මුහුදු මට්ටම ඉහළ යන ආකාරය වෙනස් විය හැකි බව මින් ඉහතදීද දැන සිටි කරුණකි. (මූලාශ්‍රය: Geophysical Research Letters, DOI: 10.1029/2012GL053000)

No comments:

Post a Comment