Tuesday, June 21, 2016

දේශගුණ වෙනස්වීමෙන් ජලාබුජ කටුස්සන්ට අයහපත් - ජගත් පරිසර පුවත් 004 (13.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.03.2013 (Vidusara)


දේශගුණ වෙනස්වීමෙන් ජලාබුජ කටුස්සන්ට අයහපත්


දේශගුණ වෙනස්වීම බොහෝ සත්ත්ව විශේෂවලට විවිධ ආකාරයේ තර්ජනයක් ඇති කර තිබේ. පසුගියදා පළවූ අධ්‍යයන වාර්තාවකට අනුව ජලාබුජතාවය පෙන්වන කටුසු විශේෂවලටද මේ නිසා යම් තර්ජනයක් පවතී.

කටුස්සන් අතරින් සමහර විශේෂ ජලාබුජතාවය හෙවත් මවගේ දේහය තුළ කලලය වර්ධනය වීමේ ක්‍රියාවලිය පෙන්වයි. පැටවුන් බිහිකරන බැවින් මේ අනුවර්තනය සිසිල් පරිසරයක් සඳහා ගැලපෙන පරිණාමීය වෙනස්කමක් වන අතර එවැනි කටුස්සන් ශීත ප්‍රදේශවල දැකිය හැකිය. එහෙත් මේ වන විට එයම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇති බව පෙනේ. ඒ මිහිතලයේ උණුසුම ඉහළ යෑම නිසාය.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ මේ ජලාබුජ කටුස්සන්ට යෝග්‍ය ප්‍රදේශ ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. ඉදිරි වර්ෂ පනහක පමණ කාලය ඇතුළත මෙවැනි කටුසු විශේෂ වාසය කරන ප්‍රදේශ අතරින් අඩක පමණ ප්‍රමාණයක උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. ඊට හැඩගැසීමට නම්, ඔවුන් ධ්‍රැව ප්‍රදේශ දෙසට හෝ වඩා ඉහළ උන්නතාංශයක් ඇති ප්‍රදේශවලට සංක්‍රමණය විය යුතුය. එහෙත් එය එවැන්නකට ඇති බාධා හා අවදානම සලකන විය අනාගතයේදී ජලාබුජ කටුසු විශේෂ ගණනාවක් මිහිතලයෙන් වඳවී යා හැකි බව පෙනේ.

No comments:

Post a Comment