Tuesday, June 21, 2016

රයිනෝ රැකගැනීම පිළිබඳ මත භේද? - ජගත් පරිසර පුවත් 004 (13.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 13.03.2013 (Vidusara)

රයිනෝ රැකගැනීම පිළිබඳ මත භේද?


දඩයම් කිරීම නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති රයිනෝසිරස් සත්ත්වයින් රැකගැනීම නීති විරෝධී රයිනෝ අං වෙළෙඳාම නීතිගත කිරීම සඳහා අදහසක් ඉදිරිපත්ව ඇත.

මීට දෙසතියකට පෙර ප්‍රකාශයට පත්වූ දකුණු අප්‍රිකාව පාදක කරගත් පර්යේෂණාත්මක ලිපියකින් පෙන්වාදී තිබුනේ රයිනෝ සතුන් රැකගැනීම සඳහා, ඔවුන් නොමරා වරින්වර අං ඉවත් කිරීම සිදුකිරීම වඩා ප්‍රායෝගික බවය. මේ රයිනෝ අං නැවත වැවෙන බැවින් ලෝකයේ පවත්නා ඉල්ලූම ලබාදීමට හා සතුන්ගේ ජීවීත රැකගැනීමට ඉන් හැකියාව ලැබේ. එහෙත් ඒ සඳහා රයිනෝ අං ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම් කිරීමට ඇති තහනම ඉවත් කළ යුතු වේ. තහනමක් තිබුණද රයිනෝ අං වෙළෙඳාම ඛෙහෙවින් ව්‍යාප්ත වූ වෙළෙඳාමකි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1229998)

පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක්හි ආරම්භ වූ තර්ජනයට පත් විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ (CITES) රැස්වීමකදී මේ වර්ෂයේදී රයිනෝ දඩයම් කිරීම වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇති බව දකුණු අප්‍රිකාව පෙන්වා දුන්නේය. වර්ෂයක් ඇතුළත එරට තුළ මරා දමා ඇති රයිනෝ සතුන්ගේ ගණන පසුගිය වර්ෂ පහක කාලයේදී වසරින් වසර දෙගුණ වී තිබේ.

කෙසේ වෙතත් සංරක්ෂණවේදීන් පවසන්නේ මේ තහනම ඉවත් කිරීම යෝග්‍ය නොවන බවය. වෙළෙඳපොළ විවෘත වීම නිසා මේ සතුන් මරා දැමීම තවත් වේගවත් විය හැකි බව ඔවුන්ගේ අදහසයි. මේ අනුව පෙනෙන්නේ රයිනෝ සංරක්ෂණ උපක්‍රම සම්බන්ධව පුළුල් අවධානයක් යොමුවිය යුතු බවය.

No comments:

Post a Comment