Tuesday, June 21, 2016

නිවර්තන වනාන්තර දේශගුණ වෙනසට ඔරොත්තු දෙයි? - ජගත් පරිසර පුවත් 005 (20.03.2013)


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 20.03.2013

Vidusara - (World Environmental News - 20.03.2013)


නිවර්තන වනාන්තර දේශගුණ වෙනසට ඔරොත්තු දෙයි?


දේශගුණ වෙනස් වීම නිසා නිවර්තන කලාපීය වනාන්තරවලට ඇති විය හැකි බලපෑම අවධානයට ලක්ව ඇති කරුණකි. විශේෂයෙන් මෙවැනි වනාන්තර බිම් ප‍්‍රමාණය අඩුවීමට ඉඩ ඇති බව පෙන්වාදී තිබේ. එ් වෙනත් පරිසර පද්ධති බවට පරිවර්තනය වීමෙනි. එහෙත් දේශගුණ වෙනස් වීමට ඔරොත්තු දීමට මේ නිවර්තන වනාන්තරවලට වැඩි හැකියාවක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම නිවර්තන වනාන්තරවලට බලපාන ආකාරය පිළිබඳව, දේශගුණ ආකෘති 22ක් යොදාගනිමින් පරිගණක ආශ‍්‍රිතව මේ අධ්‍යයනය සිදු කර තිබේ. ඉන් අනාවරණය වී ඇති ආකාරයට මේ සියවස ඇතුළත නිවර්තන වනාන්තර ආවරණයේ අඩුවීමක් ඇති වන බවක් පෙනීගොස් ඇත්තේ මෙයින් එක් දේශගුණ ආකෘතියකින් පමණි. මේ තත්ත්වය නිවර්තන වනාන්තර ව්‍යාප්ත වී ඇති මහාද්වීප සියල්ලේම (ඇමරිකාව, ආසියාව හා අප‍්‍රිකාව) දැකිය හැකි බවද මෙහි දක්වා ඇත.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයේදී සලකා බලා නොමැති කරුණු නිසා වනාන්තරවලට කිසියම් බලපෑමක් ඇති විය හැකි බව අප අමතක නොකළ යුතු කරුණකි. නිදසුනක් ලෙස වන ගිනි ඇති වීම හා මිනිසුන් විසින් වනාන්තර හෙළි කිරීම දැක්විය හැකිය. (මූලාශ‍්‍රය: Nature Geoscience , DOI: 10.1038/ngeo1741)

No comments:

Post a Comment