ජගත් පරිසර පුවත් 248 - 31.01.2018
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 31.01.2018, පි. 3 (Vidusara)
මේ අනුව, වර්තමාන වේගයෙන්ම කාබන් විමෝචන වර්ධනය වුවහොත්, ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවීම තවත් වසර 17-18ක් පමණ කාලයක් ඇතුළත සිදුවිය හැකිය. එසේම, සෙල්සියස් අංශක 2 සීමාව අදින් වසර 35-41 අතර කාලයකදී ඉක්මවා යාමේ ඉඩක් තිබෙයි. සෙල්සියස් අංශක 1.5ක සීමාවට උෂ්ණත්වය ළගා වීමට නම් 2017 වර්ෂයෙන් පසුව නිකුත් විය යුතු කාබන් විමෝචන ප‍්‍රමාණය පිටාග‍්‍රෑම් (PgC එකක් මෙටි‍්‍රක් ටොන් බිලියනයකට සමානය) 195-205 අතර වෙයි. එසේම අංශක දෙකේ සීමාවට ළඟා වීමට නම් පිටාග‍්‍රෑම් 395-455 අතර කාබන් විමෝචන ප‍්‍රමාණයක් නිකුත් විය යුතුය.
මෙම අධ්‍යයනයේදී ඉහත කී උෂ්ණත්ව සීමා දෙකට ළඟා වීම සඳහා කෙතරම් කාලයක් තිබේද යන්න පිළිබඳව නිගමනවලට පැමිණ ඇත්තේ ඓතිහාසික උෂ්ණත්ව දත්ත හා ආකෘති යොදාගනිමිනි. මෙම පර්යේෂකයන් පවසන පරිදි එම තත්ත්වය වළක්වාලීමට නම් කඩිනමින් පියවර ගැනීම අවශ්‍ය වෙයි. නොඑසේ නම්, වඩා උණුසුම් අනාගතයක් සඳහා අනුහුරු වීමට අවශ්‍ය පියවර ගත යුතුය. කෙසේ වෙතත් පැරිස් දේශගුණ ගිවිසුමේ මෙන්ම විද්‍යාඥයන් විසින් පුළුල්ව පිළිගන්නා ආකාරයට ඉහත කී සෙල්සියස් අංශක දෙකක ප‍්‍රමාණයට වඩා ලෝකයේ උෂ්ණත්වය ඉහළ ගියහොත් බරපතළ බලපෑම් ඇති වීමේ ඉඩක් පවතී. එබැවින් උත්සාහ ගත යුත්තේ එම මට්ටමට වඩා උෂ්ණත්වය අඩු මට්ටමක තබා ගැනීමටය. (මූලාශ‍්‍රය: Nature Geoscience, DOI: 10.1038/s41561-017-0054-8)
No comments:
Post a Comment