Thursday, May 11, 2017

නියෝනිකොටිනොයිඩ වන බඹරුන්ටත් බලපායි

ජගත් පරිසර පුවත් 211 - 10.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 10.05.2017 (Vidusara)



ආන්දෝලනයට ලක්ව ඇති නියෝනිකොටිනොයිඩ කාණ්ඩයේ පළිබෝධ නාශකයක් ගොවි බිම් ආශ‍්‍රිතව ආහාර ලබාගන්නා වන බඹරුන්ටද (bumble bee) බලපාන බව කැනඩාවේ සිදු කළ පර්යේෂණයකින් පෙන්වාදී තිබේ.

මේ අනුව තයොමෙතොක්ෂෑම් (Thiamethoxam) නම් පළිබෝධනාශකය වන බඹර විශේෂ හතරක රැුජිනගේ බිත්තර වර්ධනය සඳහා බලපාන බව සොයාගෙන ඇත. ශිශිරතරණයෙන් පසු වසන්ත ඍතුවේදී බඹර ගහනවල බිත්තර දැමීමට සූදානම් වන රැුජිනන් අදාළ පළිබෝධනාශකයට නිරාවරණය වීමේදී ඇති වන තත්ත්වය මෙහිදී අවධානයට ලක්ව ඇත. පරිසරයේ පරාග හා මල්පැණිවල දැකිය හැකි මට්ටමට සමාන පළිබෝධනාශක සාන්ද්‍රණයක් සහිත පැණිවලින් පෝෂණය කරන ලද බඹර රැුජිනන් පසුව පරීක්ෂා කළ අවස්ථාවේදී ප‍්‍රමාණයෙන් කුඩා හා වර්ධනයෙන් බාල වූ බිත්තර දැමූ බව හෙළි විය. පළිබෝධනාශක මිශ‍්‍ර පැණි ආහාරයට නොගත් බඹර රැුජිනන්ගේ එවැනි තත්ත්වයක් දැකිය හැකි වී නැත.

රැජින බිත්තර දමනු ලබන්නේ එ්වා සම්පූර්ණයෙන් වර්ධනය වූ අවස්ථාවේදී වන බැවින් මේ තත්ත්වය නිසා බිත්තර දැමීමේ වේගය අඩු වේ. එම තත්ත්වය අදාළ බඹර ජනපදයේ වර්ධනයට බලපෑම් කරයි. එසේම විශේෂ දෙකක පළිබෝධනාශකයට නිරාවරණය වූ රැුජිනන් විසින් මල්පැණි ආහාරයට ගැනීමද අඩු කර තිබේ. විiාඥයන් විශ්වාස කරන්නේ පළිබෝධනාශකවල බලපෑම පාලනය කිරීමට බඹර රැුජිනන්ගේ පරිවෘත්තීය ක‍්‍රියාකාරකම් සිදුවීම නිසා බිත්තර වර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය අඩු වී ඇති බවයි.

මී මැස්සන්ට නියෝනිකොටිනොයිඩවලින් වන බලපෑම නිසා රටවල් ගණනාවක් එම කාණ්ඩයේ පළිබෝධනාශක භාවිතය සීමා කර තිබේ. තවත් රටවල් මේවා භාවිතය ක‍්‍රමයෙන් අවසන් කිරීමටද පියවර ගෙන ඇත. (මූලාශ‍්‍රය: Proceedings of the Royal Society B, DOI: 10.1098/rspb.2017.0123)

No comments:

Post a Comment