Thursday, May 11, 2017

උණුසුම ඉහළ යෑමේ වේගය අඩු වීම දේශගුණ පුරෝකථනවලට බලපෑමක් නැහැ

ජගත් පරිසර පුවත් 211 - 10.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 10.05.2017 (Vidusara)



ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමේ වාර්ෂික වේගය මෑත වසර පහළොවකට ආසන්න කාලයේදී මදක් අඩු වී තිබීමට බලපා ඇති හේතු හා ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව බොහෝ කරුණු මෑත කාලයේදී සාකච්ඡුා වී ඇත. මේ සිදුවීම මත පදනම්ව දේශගුණ වෙනස් වීම බරපතළ නොවන බව හා එය මානව බලපෑමෙන් හටගත්තක් නොව ස්වාභාවික විචල්‍යතාවයක් බව පෙන්වීමටද ඇතැම් පිරිස් උත්සාහ දරා ඇත.

එහෙත් මේ පිළිබඳව සිදුකරන ලද, පසුගියදා පළ වූ නව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ මෙසේ උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය අඩු වුවද එමගින් මේ වන විට ප‍්‍රකාශිත දිගුකාලීන දේශගුණ පුරෝකථනවලට බලපෑමක් සිදු නොවන බවයි. 1998-2012 අතර කාලයේදී ඇති වූ මේ තත්ත්වය සම්බන්ධව දීර්ඝව අධ්‍යයනය කර ඇති පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නිරීක්ෂණය කර ඇති කරුණු හා දේශගුණ ආකෘති මගින් සිදු කර ඇති පුරෝකථන අතර අර්ථවත් අපගමනයක් නොමැති බවයි. එ් අනුව සහ මෑතකදී අනාවරණය වී ඇති නව දත්ත අනුව දිගු කාලීන දේශගුණ වෙනස් වීම සඳහා මානව බලපෑම හේතුවන බව වෙනදාටත් වඩා විශ්වාස කළ හැකිය.
මේ අනුව, මෑත කාලයේදී උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය අඩු වීමෙන් අදහස් වන්නේ දේශගුණ වෙනස් වීම නැවතී ඇති බව හා හරිතාගාර වායු විමෝචනවල බලපෑම අඩු වීම ආදි වශයෙන් සංශයවාදීන් විසින් ගෙන ආ අදහස් මේ අනුව යළිත් වරක් තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප වී තිබේ. (මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature22315)

No comments:

Post a Comment