Monday, May 8, 2017

වඳවීමේ අවදානම අව තක්සේරු කරලා

ජගත් පරිසර පුවත් 210 - 03.05.2017


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 03.05.2017 (Vidusara)



වඳවී යෑමේ අවදානමට ලක් වූයේ යැයි සිතන ජීවී විශේෂ ප‍්‍රමාණය මෙතෙක් සිතුවාට වඩා ඉහළ විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ. ඊට හේතුව ජීවීන් වඳවී යාමේ අවදානම අව තක්සේරුකිරීමයි.

වඳවී යෑමේ තර්ජනයේ මට්ටම පිළිබඳව තීරණය කිරීම සඳහා විiඥයින් විසින් යොදාගන්නා ජීවී විශේෂයක භූගෝලීය ව්‍යාප්තිය දක්වන ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) සිතියම්වල ගැටලූ පැවතීම ඊට හේතු වන බව එම පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන්ට අනුව මේ සිතියම්වලින් ජීවී විශේෂවලට පැවතිය හැකි වාසස්ථාන ප‍්‍රමාණය පිළිබඳව අධිතක්සේරු කර ඇත. එයට හේතුව ජීවී විශේෂවල වාසය සඳහා නොසුදුසු ප‍්‍රදේශද එ්වාට ඇතුළත් වීමය. එහි ප‍්‍රතිඵලය ලෙස ගහනයේ ප‍්‍රමාණය අධිතක්සේරු වන අතර, තර්ජනයේ ස්වාභාවය අවතක්සේරු වේ.

මේ සඳහා ඔවුන් ඉන්දියාවේ වෙස්ටර්න් ඝාට්ස් කඳු ප‍්‍රදේශයේ වාසය කරන විවිධ මට්ටමේ තර්ජනයක් ඇති පක්ෂි විශේෂ 18ක ව්‍යාප්තිය සඳහා සකස් කර ඇති IUCN සිතියම් නිවැරදිද යන්න අධ්‍යයනය කර ඇත. එ් සඳහා පක්ෂි නිරීක්ෂණය පිළිබඳ මහජන විiා දැනුම හා එම ප‍්‍රදේශ පිළිබඳ භූගෝලීය හා පාරිසරික දත්ත යොදා ගනිමින් එම පක්ෂින් සඳහා නව භූගෝලීය ව්‍යාප්තියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්ව ඇත. එහිදී හෙළිව ඇත්තේ ඉන් පක්ෂීන් 17ක් සඳහා සකස් කර ඇති IUCN සිතියම්වල අයෝග්‍ය වාසස්ථාන විශාල ප‍්‍රමාණයක් ඇතුළත් වන බවයි. එ් නිසා ඔවුන්ගේ ව්‍යාප්තිය අධිතක්සේරු කර ඇත. එම පක්ෂි විශේෂ 18න් 10කගේ තර්ජිත මට්ටම ඉහළ නැංවිය යුතු බව ඔවුන්ගේ අදහස වේ.

මේ ක‍්‍රමවේදය යොදාගනිමින් ලෝකයේ ජීවී විශේෂවල ව්‍යාප්තිය හා වඳවීමේ තර්ජනයේ මට්ටම සංශෝධනය කළ හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහස වේ.

(මූලාශ‍්‍රය: Biological Conservation, DOI: 10.1016/j.biocon.2017.03.019)

No comments:

Post a Comment