ජගත් පරිසර පුවත් 258 - 11.04.2018
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 11.04.2018, පි. 3 (Vidusara)
මේ වන විට පිළිගෙන ඇති ආකාරයට ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2ක උපරිමයකට සීමා කළ හැකි නම් එමගින් දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් වළක්වා ගත හැකිය. එසේම සෙල්සියස් අංශක 1.5 සීමාව තුළ උෂ්ණත්ව ඉහළ යෑම පවත්වා ගැනීම වඩා සුදුසු සේ සැලකේ.
කෙසේ වෙතත්, මේ උෂ්ණත්ව සීමාව තුළ වුවද ඇතැම් අංශවල දැඩි බලපෑමක් ඇති විය හැකිය. ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 හා 2 යන ප‍්‍රමාණවලින් ඉහළ ගිය හොත් ආහාර සුරක්ෂිතතාවයට විය හැකි බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයක් පසුගියදා ප‍්‍රකාශයට පත්විය. එහිදී නියඟය හා ආන්තික වර්ෂාපතනය මගින් ආහාර නිෂ්පාදනයට විය හැකි බලපෑම පිළිබඳව සලකා බලා ඇත.
ඉහළ උෂ්ණත්වයකදී උණුසුම් වාතයට වැඩි ජලවාෂ්ප ප‍්‍රමාණයක් රඳවා ගත හැකි බැවින් වර්ෂාපතනය වඩාත් තීව‍්‍ර වේ. මේ බව ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වී තිබෙයි. අනෙක් අතට, වාෂ්පීකරණය අධික වන බැවින් ප‍්‍රදේශ වියළී යාමද සිදු වෙයි. මේ නිසා නියඟය නිතර හා දැඩි ලෙස හටගත හැකිය. කෙසේ වෙතත් ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට මේ තත්ත්වය වෙනස් ලෙස බලපායි. ඇතැම් ප‍්‍රදේශවලට අධික වර්ෂාපතනයෙන්ද, තවත් ප‍්‍රදේශවලට නියඟයෙන්ද බලපෑම් සිදු වෙයි.
උක්ත අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත්තේ ආසියාව අධික වර්ෂාවේ බලපෑමට ලක් වන බවයි. එ් විශේෂයෙන් දකුණු හා අග්නිදිග ආසියාවේය. නිදසුනක් ලෙස ගංගා නදියේ ජල ප‍්‍රවාහය 100%කින් ඉහළ යා හැකිය. එහෙත් අප‍්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේදී බලපෑම් ඇති වන්නේ දැඩි නිය`ගයෙනි. ඇමසන් ගංගාවේ ජල ප‍්‍රවාහය 25%කින් පමණ අඩු විය හැකිය. සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණතත්වය ඉහළ යෑම නිසා අංශක 1.5කින් ඉහළ යෑමට වඩා බරපතළ බලපෑම් දියුණුවන රටවල් අතරින් 76%ක ඇති වෙයි. එ් අනුව කුසගින්න හා දේශගුණ අවදානම් සුචිය නමින් නව සුචියක් සකස් කර ඇත. අධික වර්ෂාපතනය මෙන්ම නියඟය සුලභ වීමද ආහාර භෝග සඳහා යෝග්‍ය නොවේ. (මූලාශ‍්‍රය: Philosophical Transactions of the Royal Society A, DOI: 10.1098/rsta.2016.0452)
No comments:
Post a Comment