Showing posts with label Blog only news. Show all posts
Showing posts with label Blog only news. Show all posts

Saturday, February 17, 2024

හිම වලසුන්ට කුසගින්නේ ඉන්න වෙලා!

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පුවතක් පමණි, 2024-02-18

ආක්ටික් සාගරයේ අයිස් දියවීමත් සමඟ භූමිය මත ජීවත් වීම සඳහා හැඩගැසීමට නොහැකි වීමෙන් හිමබ වලසුන් කුසගින්නේ පසුවන බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. 

ආක්ටික් ප්‍රදේශයෙ ජීවත්වන මේ වලසුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ රිංග්ඩ් සීල් නමින් හඳුන්වන සාගරයේ දී අල්ලා ගත හැකි සීල් මත්ස්‍යයින්ය.

එහෙත් ආක්ටික් සාගරය මත අයිස් දියැනීමත් සමග ම් වලසුන් සැලකිය යුතු පිරිසකට ගොඩබිම වෙරළ ප්‍රදේශයේ ජීවත් වන කාලය ඉහළ යයි. මේ කාලයේ දී කුරුලු බිත්තර, ගෙඩි වර්ග හා තණකොල ආහාරයට ගැනීමට සිදුව තිබේ. එහෙත් මෙසේ වැඩි වශයෙන් ගොඩබිම ජීනවත්වන වලසුන්ගේ දේහ බර අඩුවීම සිදු වන අතර, අධයයවයට ලක් කළ වලසුන් 20ක් අතරින් 19කගේ දේහ බර අඩු වී තිබේ. ඒ ප්‍රමාණය දිනකට කිලෝග්‍රෑම් 0.4 සිට 1.7 දක්වා තරම් විය හැකිය. මෙසේ කුසලගින්නේ පසුවන වලසුන් මරණයට පත් වීමේ අවදානම  ඉහළය.

මූලාශ්‍රය - Nature Communications, DOI: 10.1038/s41467-023-44682-1

https://www.nature.com/articles/s41467-023-44682-1

Wednesday, October 4, 2023

ස්විස්ටර්ලන්තයේ ග්ලැසියර පරිමාවෙන් 10%ක් දියවෙලා

ජගත් පරිසර පුවත් 500

ධනේෂ් විසුම්පෙරුම 

Blog පමණක් පළවුවකි.

2022 හා 2023 යන වර්ෂවල ග්‍රීෂ්ම ඍතු දෙකේ දී ස්විස්ටර්ලන්තගේ ග්ලැසියර්වල අයිස් දියවීම නිසා ඒවායේ පරිමාවෙන් 10%ක් පමණ ප්‍රමාණයක් අහිමි වී ඇත. විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ගත වූ වර්ෂ දෙකේ උණුසුම් ග්‍රීස්ම ඍතුවල දී එරට ග්ලැසියර්වලින් අහිමි වූ අයිස් ප්‍රමාණය 1960-1990 අතර කාලයේ දී එම ග්ලැසියරවලින් අහිමි වූ පරිමාණයට සමාන වේ.

ස්විස්ටර්ලන්ත විද්‍යා ඇකඩමිය පෙන්වා දී ඇති ආකාරයට 2022 වර්ෂයේ ග්‍රීෂ්ම ඍතුවේ දී, ග්ලැසියර්වල පරිමාවෙන් 6%ක් ද, 2023 වර්ෂයේ දී 4%ක් ද අහිමි වී තිබේ. 2022 වර්ෂයේ දී එසේ අහිමි වූ ග්ලැසියර පරිමාව ඒවා අධීක්ෂණය කිරීම ආරම්භ වීමෙන් පසුව වාර්තා වී ඇති විශාලතම ප්‍රමාණය වේ. මිනිසුන් විසින් ඇති කරන කටයුතුවල බලපෑම් හේතුවෙන් සිදු වී තිබෙන ගෝලීය උණුසුම්වීම නිසා ඇති වී තිබෙන අධික උණුසුමක් ඇති ග්‍රීෂ්ම ඍතු හා අඩු හිමපතනයක් ඇති ශීත ඍතු නිසා අයිස් දියැවීම නිසා ග්ලැසියරවල පරිමාවේ අඩුවීම සිදුවෙි.

ස්විස්ටර්ලන්තයේ පිහිටි ග්ලැසියර් 176 පමණ අයිස් ප්‍රමාණය අධීක්ෂණය කිරීම සිදුකරන අතර, පසුගිය කාලයේ දී ඇතැම් ග්ලැසියර්වල අයිස් විශාල ලෙ දියවී යෑම නිසා ඒවා අධීක්ෂණය කිරීම නවතා දමා තිබේ. කුඩා ග්ලැසියර් අතුරුදන්වීම මෙන්ම විශාල ග්ලැසියර ප්‍රමාණයෙන් කුඩා වීම ඒරට භූදර්ශනය හා සම්බන්ධ ගැටලුවක් බව පැහැදිලි වී තිබේ. එසේම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වාගත හැකි වුවහොත්, ස්විස්ටර්ලන්තයේ ගැල්සියරවල අයිස් පරිමාව තුනෙන් එකක් දක්වා අඩු විය හැකි බවට අනාවැකි පළ වී තිබේ.

Tuesday, June 13, 2023

දේශගුණ වෙනස් වීමට අවධානය යොමු කළ කැනේඩියානු ලැව්ගිනි

ධනේෂ් විසුම්පෙරුම

2023-06-11 (බ්ලොග් අඩවියේ පමණක් පළ කරන ලදි)

"ආරක්ෂිත තැනක් නැත - දේශගුණ අර්බුදය ඇමරිකානු නිවෙස් වෙත ගෙන ආ ලැව්ගිනි දුමාරය" යනු පසුගිය ජුනි 9 දිින 'ද ගාඩියන්' වෙඩ් අඩවියේ පළ වූ පුවතක සිරස්තලයයි. කැනඩාවේ ඇති වූ මහා ලැව්ගිනි නිසා ඇමරිකාවට ඇති වූ බලපෑම මෙයින් පෙන්වා දී තිබේ

කැනඩාවේ පසුගිය මැයි මාසයේ දී ඇති වූ ලැව්ගිනි අතරින් 400ක් පමණ පසුගිය ජුනි 7දා වන විට ද සක්‍රියව පැවැතියේය. ඉන් 150ක් පමණ පැවතියේ ක්විබෙක් ප්‍රාන්තයේය. මේ වර්ෂයේ ලැව්ගිනි සමය කැනඩාවේ මෑත කා‌ලයේ ඇති වූ බරපතළම ලැව්ගිනි සමය විය හැකි බවට අනතුරු හඟවා ඇත. එ නම්, වැඩිම වනාන්තර ප්‍රමාණයක් විනාශ වූ ලැව්ගිනි සමය මෙය විය හැකි බව පුරෝකථනය කර තිබේ. මේ ඇතැම්වා මිනිසුන් විසින් ආරම්භ කරන ලද ගිනි වන අතර, අනෙක්වා අකුණු වැනි ස්වාභාවික තත්ත්ව නිසා හටගත් ඒවාය.

ක්විබෙක් හා ඔන්ටාරියෝ ප්‍රාන්තවල ලැව්ගිනි අවදානම ජුලි පමණ වන විට අඩු විය හැකි නමුත්, වෙනත් ප්‍රාන්තවල ලැව්ගිනි අවදානම වැඩි කාලයක් පැවතීමට අවස්ථාවක් පවතී. "අප අත්දකිමින් සිටින්නේ නව යථාර්ථයක්" යනුවෙන් කැනඩාවේ ස්වාභාවික සම්පත් අමාත්‍ය ජොනතන් විල්කින්ස් විසින් පවසා ඇත.


ඇමරිකාවට බලපෑ හැටි


කැනඩාවේ ඔන්ටාරියෝ හා ක්විබෙක් ප්‍රාන්තවල ඇති වූ ලැව්ගිනි නිසා නිකුත් වූ දුමාරය දකුණු දෙසට හමා ඒමෙන් ඇමරිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් ඇති වී තිබේ. ඇතැම් ස්ථානවල වාතයේ ගුණාත්මක බව පෙන්වන  දර්ශකයේ අගය 400ක් දක්වා ඉහළ ගිය අතර, එරට තුළ දී 300ක අගයක් සැලකෙන්නේ ද අන්තරාදායක (hazardous) ලෙසය. වායු දූෂණය පිළිබඳ අනතුරු හැඟවීම්වලින් ඇමරිකානුවන් මිලියන 110ක් පමණ බලපෑමට ලක්ව තිබේ. මෙය හදුන්වා දී ඇත්තේ 'මෑත කාලයේ නරකම ලැව්ගිනි වායු දූෂණය' ඇති වු දවස ලෙසයි.

පසුගිය ජුනි 7 දිින ලෝකයේ අයහපත්ම වාතයේ ගුණාත්මක තත්ත්වය පැවති නගරය නිව්යෝක් නගරය විය. ඩෙට්‍රොයිට් නගරය දෙවැනි තැන ගත්තේය. නිව්යෝක් අහස තැඹිලිවන් පැහැ ගෙන තිබේ. එක් කාලගුණ විද්‍යාඥයෙකු පවසා ඇත්තේ නගරය "අඟහරු ලෝකය වැනි" බවයි. ක්‍රීඩාංගන වසා තරඟ කල් දමා ඇත. ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබේ. ජනතාව පසෙක දමා තිබූ මුහුණු ආවරණ යළි භාවිතයට ගෙන ඇත. 

කැනඩාවේ ඇති වු දුමාරයේ බලපෑමෙන් ඇමරිකාවට බලපාන මේ තත්ත්වය තව දින කීපයක් පැවතිය හැකි බව පසුගිය සතිඅන්තය වන විට වාර්තා විය (ඉන්දියාවෙන් නිකුත්වන විමෝචන නිසා වර්ෂයේ අග භාගයේ දී ලංකාවේ වායු දූෂණය ඉහළ යන ආකාරය අපි ද නිරීක්ෂණය කර ඇත්තෙමු). 


දේශගුණ වෙනස් වීමේ බලපෑම


ලැව්ගිනි සඳහා දේශගුණ වෙනස් වීමේ බලපෑම ද මේ සමඟ සාකච්ඡාවට ලක් විය. මේ පිළිබඳ විද්‍යාත්මක පදනම සංකීර්ණ වන අතර, සෑම ලැව්ගින්නක්ම දේශගුණ වෙනස් වීම නිසාම හටගත් බව පැවසිය නොහැකිය. එසේම, මිනිසුන් විසින් භුමිය හා වනාන්තර කළමනාකරණය කරන ආකාරය වැනි සාධක ද මේ තත්ත්වයට බලපායි.

දේශගුණ වෙනස් වීමෙන් ඇතිවන උණුසුම් හා වියළි කාලගුණ තත්ත්ව නිසා ලැව්ගිනි ඇතිවීමට ඇති අවස්ථාව ඉහළ යයි. කැනඩාවේ මේ වර්ෂයේ වසන්තය උණුසුම් හා වියළි එකක් වූ අතර, ඇතැම් ප්‍රදේශවල දිගුකාලීන නියං තත්ත්ව ද පැවතී ඇත.

මේ වන විට අප දකිමින් සිටින, ලැව්ගිනිවලින් වැඩි ප්‍රදේශයක් විනාශ වීම හා වඩා බරපතළ ලැව්ගිනි ඇතිවීම මගින් ලැව්ගිනි සඳහා බලපාන දේශගුණ දායකත්වය ශක්තිමත් වීම පෙන්වන බව උතුරු කැරොලිනා රාජ්‍ය විශ්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ෂෙලර් පවසා තිබේ.

අනෙක් අතට, ලැව්ගිනි නිසා නිකුත්වන හරිතාගාර වායු දේශගුණ වෙනස්වීම බරපතළ වීම සඳහා බලපායි. කැනඩාවේ මැයි මාසයේ ඇති වු ලැව්ගිනි නිසා විමෝචනය වූ හරිතාගාර වායු ප්‍රමාණය, පසුගිය වසර විස්ස තුළ මැයි මාසයක දී සාමාන්‍යයෙන් නිකුත්ව ඇති විමෝචනවල අගය මෙන් දෙගුණයක් පමණ වේ.

එසේම, දේශගුණ වෙනස් වීම නිසා අනාගතයේ දී ලැව්ගිනි වඩාත් සුලභව ඇතිවිය හැකි අතර, වඩාත් තීව්‍ර විය හැකි බව පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් වර්ෂයෙන් වර්ෂය තත්ත්වය වෙනස් විය හැකිය. එසේම, දේශගුණ වෙනස්වීම වඩාත් බරපතළ වන තත්ත්වයක් තුළ ලැව්ගිනි අවදානම තවත් බරපතළ විය හැකිය.


සම්බන්ධ පුවත්

‘Nowhere is safe now’: wildfire smoke brings climate crisis home to Americans - Click here

Weather tracker: Canada wildfires rage in what could be worst season to date - Click here

Is climate change fuelling Canada's wildfires? - Click here

Wednesday, April 5, 2023

දඩයම් සිහිවටන බි‍්‍රතාන්‍යට ගෙන ඒම තහනම් වේ

ජගත් පරිසර පුවත්

ධනේෂ් විසුම්පෙරුම 

Blog පමණක් පළවූවකි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් දඩයම් කර ඒ දඩයම පිළිබඳ සිහිවටන (යමබඑසබට එරදචයසැි* තම රටට ගෙන යෑම ධනවත් රටවල වැසියන් විනෝදය සඳහා සිදුකරන කාර්යයකි. මේ දඩයමට වැඩි වශයෙන් ලක්වන්නේ අලින්, සිංහයන්, ජිරාෆ් වැනි විශාල ක්ෂීරපායි සතුන්ය. මේ දඩයම මෙන්ම දඩයම් සිහිවටන පිළිබඳව ද විරෝධයක් සත්ත්ව අහිංසාව හා පරිසර ක‍්‍රියාකාරීන් වෙතින් කලක් තිස්සේ ඉදිරිපත්ව තිබූ අතර, ඊට ප‍්‍රකට පුද්ගලයන්ගේ සහාය ද ලැබිණි. මේ පිළිබඳව වසර ගණනක් තිස්සේ ඇදී ගිය විවාදයක් පැවැතිණි. 

පසුගියදා බි‍්‍රතාන්‍යයේ මූලික සම්මතය ලැබුණු නීතියක් අනුව එවැනි සතුන්ගේ ශරීර කොටස් දඩයම් සිහිවටන ලෙස එරටට ගෙන ඒම තහනම් වනු ඇත. එරට පාලක පක්ෂයේ 2019 මැතිවරණ ප‍්‍රකාශනයේ එක් පොරොන්දුවක් ද වූ මේ දඩයම් සිහිවටන තහනම් කිරීම මෙවර පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ගෙන එන ල අතර ඊට පුළුල් සහායක් ලැබී ඇත. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මේ යෝජනා දැන් සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ දී සම්මත විය යුතුය.

කෙසේ වෙතත්, මේ දඩයම් කිරීම් අදාළ රටවල යම් පාලනයක් ඇතිව සිදුකරන්නකි. එසේම දඩයම්කරුවන් දඩයම සඳහා ගෙවනු ලබන විශාල මුදල දියුණු වන රටවල් වන ඒ රටවල සැලකිය යුතු ආදායමකි. ඒ ආදායම්නිසා ඒ රටවල වැසියන් අතින් සිදුවන දඩයම අඩුවන අතර එය සංරක්ෂණ සඳහා වැදගත් බව ඒ රටවල පිරිස් මෙන්ම විද්‍යාඥයන් විසින් ද පෙන්වා දී තිබේ.


Wednesday, August 3, 2022

බ්‍රිතාන්‍යයේ මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්

ධනේෂ් විසුම්පෙරුම

04.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් පළ වී ඇත)

බ්‍රිතාන්‍යයේ  මුහුදු මට්ටම ඉහළ යන වේගය මීට ශතවර්ෂයකට පෙර පැවති වේගයට වඩා අධික බව එරට කාලගුණ කාර්යාලය (Met Office) සිය වාර්ෂික වාර්තාවේ පෙන්වා දෙයි. 1900 වර්ෂයේ සිට මේ දක්වා ගතවී ඇති කාලයේ දී එරට සාමාන්‍යයෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර් 16.5කින්  පමණ ඉහළ ගොස් ඇත. එහෙත්  මුහුදු මට්ටම ඉහළ යන වේගය ඉහළ යමින් පවතියි. මේ වන විට ඒ වේගය වර්ෂයකට මිලිමීටර් 3 හා 5.2 අතර ප්‍රමාණයක පවතී. ඒ වේගය මීට සියවසකට පෙර පැවති වේගය මෙන් දෙගුණයක් පමණ වේ.

එමෙන්ම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන වේගය හා සංසන්දනය කරන විට එරට උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය ද මදක් ඉහළය. ‌මේ වාර්තාවේ පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම බ්‍රිතාන්‍යයේ නව සාමාන්‍යය (new normal) වනු ඇති බවයි.

එරට වසන්ත ඍතුව වෙනදාට වඩා කලින් ඇතිවන නමුත් ශාක මෙන්ම සතුන්ද ඒ තත්ත්වයට අවශ්‍ය ප්‍රමාණයට හැඩ ගැසී නැති බව ද වාර්තාවේ සඳහන්ය. දේශගුණ වෙනස්වීම සිදුන වේගයට ප්‍රමාණවත් තරම් වේගයකින්  ජීවී විශේෂ අනුහුරුනොවීම මීට හේතුවයි.

මූලාශ්‍රය: The State of the UK Climate 2021 report, DOI: 10.1002/joc.7787 
සබැඳිය: https://rmets.onlinelibrary.wiley.com/doi/10.1002/joc.7787

Tuesday, August 2, 2022

නේපාලයේ ව්‍යාඝ්‍ර ගහනය ඉහළට - පහරදීම් ද ඉහළට

ධනේෂ් විසුම්පෙරුම

02.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් ඇති පුවතකි)


වසර දොළහක කාලය තුළ නේපාලයේ ජීවත්වන බෙංගාල ව්‍යාඝ්‍ර ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට අගමැති වරයා ප්‍රකාශ කර තිබේ. 2010 වර්ෂයේ දී 121ක් පමණ වූ එරට ව්‍යාඝ්‍ර ගහනය මේ වන විට 355ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. මේ සඳහා මූලික වශයෙන් දායක වී ඇත්තේ දඩයම් කිරීම පාලනය, ජාතික උද්‍යාන ජාජාලය ව්‍යාප්ත කිරීම හා නේපාලය හා ඉන්දියාව අතර වන මංපෙත් ඇති කිරීමයි.

කෙසේ වෙතත් මේ හා සමග මිනිසුන්ට එල්ලවන ප්‍රහාර ඉහළ ගොස් තිබීම අවධානයට ලක් විය යුතු කරුණකි. මේ ව්‍යාඝ්‍ර-මිනිස් ගැටුම ඉහළ යෑම වැළැක්වීම මේ සතුන්ගේ සංරක්ෂණය සඳහා අවශ්‍යය.

ලෝකයේ ව්‍යාඝ්‍රයන් සිටින රටවල් හමු වී 2010 වර්ෂයේ පැවති සමුළුවක දී 2022 වන විට ලෝකයේ ව්‍යාඝ්‍ර ගහනය දෙගුණයන් කිරීමට ප්‍රතිඥා දෙන ලදි. මේ රටවල් මීළඟ රැස්වීම ලබන සැප්තැම්බර් මාසමේ දී පැවැත්වීමට නියමිතය.