Tuesday, August 2, 2022

නේපාලයේ ව්‍යාඝ්‍ර ගහනය ඉහළට - පහරදීම් ද ඉහළට

ධනේෂ් විසුම්පෙරුම

02.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් ඇති පුවතකි)


වසර දොළහක කාලය තුළ නේපාලයේ ජීවත්වන බෙංගාල ව්‍යාඝ්‍ර ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට අගමැති වරයා ප්‍රකාශ කර තිබේ. 2010 වර්ෂයේ දී 121ක් පමණ වූ එරට ව්‍යාඝ්‍ර ගහනය මේ වන විට 355ක් දක්වා ඉහළ ගොස් ති‌බේ. මේ සඳහා මූලික වශයෙන් දායක වී ඇත්තේ දඩයම් කිරීම පාලනය, ජාතික උද්‍යාන ජාජාලය ව්‍යාප්ත කිරීම හා නේපාලය හා ඉන්දියාව අතර වන මංපෙත් ඇති කිරීමයි.

කෙසේ වෙතත් මේ හා සමග මිනිසුන්ට එල්ලවන ප්‍රහාර ඉහළ ගොස් තිබීම අවධානයට ලක් විය යුතු කරුණකි. මේ ව්‍යාඝ්‍ර-මිනිස් ගැටුම ඉහළ යෑම වැළැක්වීම මේ සතුන්ගේ සංරක්ෂණය සඳහා අවශ්‍යය.

ලෝකයේ ව්‍යාඝ්‍රයන් සිටින රටවල් හමු වී 2010 වර්ෂයේ පැවති සමුළුවක දී 2022 වන විට ලෝකයේ ව්‍යාඝ්‍ර ගහනය දෙගුණයන් කිරීමට ප්‍රතිඥා දෙන ලදි. මේ රටවල් මීළඟ රැස්වීම ලබන සැප්තැම්බර් මාසමේ දී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment