Wednesday, August 3, 2022

බ්‍රිතාන්‍යයේ මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්

ධනේෂ් විසුම්පෙරුම

04.08.2022
ජගත් පරිසර පුවත් (බ්ලොග් අඩවියේ පමණක් පළ වී ඇත)

බ්‍රිතාන්‍යයේ  මුහුදු මට්ටම ඉහළ යන වේගය මීට ශතවර්ෂයකට පෙර පැවති වේගයට වඩා අධික බව එරට කාලගුණ කාර්යාලය (Met Office) සිය වාර්ෂික වාර්තාවේ පෙන්වා දෙයි. 1900 වර්ෂයේ සිට මේ දක්වා ගතවී ඇති කාලයේ දී එරට සාමාන්‍යයෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර් 16.5කින්  පමණ ඉහළ ගොස් ඇත. එහෙත්  මුහුදු මට්ටම ඉහළ යන වේගය ඉහළ යමින් පවතියි. මේ වන විට ඒ වේගය වර්ෂයකට මිලිමීටර් 3 හා 5.2 අතර ප්‍රමාණයක පවතී. ඒ වේගය මීට සියවසකට පෙර පැවති වේගය මෙන් දෙගුණයක් පමණ වේ.

එමෙන්ම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන වේගය හා සංසන්දනය කරන විට එරට උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය ද මදක් ඉහළය. ‌මේ වාර්තාවේ පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ඉහළ උෂ්ණත්වයක් පැවතීම බ්‍රිතාන්‍යයේ නව සාමාන්‍යය (new normal) වනු ඇති බවයි.

එරට වසන්ත ඍතුව වෙනදාට වඩා කලින් ඇතිවන නමුත් ශාක මෙන්ම සතුන්ද ඒ තත්ත්වයට අවශ්‍ය ප්‍රමාණයට හැඩ ගැසී නැති බව ද වාර්තාවේ සඳහන්ය. දේශගුණ වෙනස්වීම සිදුන වේගයට ප්‍රමාණවත් තරම් වේගයකින්  ජීවී විශේෂ අනුහුරුනොවීම මීට හේතුවයි.

මූලාශ්‍රය: The State of the UK Climate 2021 report, DOI: 10.1002/joc.7787 
සබැඳිය: https://rmets.onlinelibrary.wiley.com/doi/10.1002/joc.7787

No comments:

Post a Comment