Thursday, February 7, 2019

2018 දේශගුණ ආපදා හානියේ වටිනාකම

ජගත් පරිසර පුවත් 295 - 02.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 02.01.2019, පි. 3 (Vidusara)



2018 වර්ෂයේදී ඇති වූ, දේශගුණ වෙනස් වීම හා සම්බන්ධතාවයක් ඇති ආන්තික කාලගුණ ආපදාවලින් ඇති වූ හානියේ වටිනාකම හා අහිමි වූ දහස් ගණනක් තරම් වන ජීවිත ප‍්‍රමාණය පිළිබඳ ජගත් මට්ටමේ ස්වේච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානය පෙන්වා දෙයි.

එම වාර්තාව මගින් එක් එක් සිදුවීමකදී ඇති වූ හානිය ඩොලර් බිලියනයකට වඩා අධික වූ සිදුවීම් 10ක් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් හතරකදීම සිදු වූ හානියේ වටිනාකම ඩොලර් බිලියන 7ක් ඉක්මවා තිබෙයි. එසේම මෙම ගණනය කිරීම් අඩුතක්සේරු කිරීම් විය හැකි බවද එම වාර්තාවේම දක්වා ඇත. නිදසුනක් ලෙස ගතහොත්, එම ගණනය කිරීම්වලට ඇතුළත් වී ඇත්තේ රක්ෂණය කර ඇති දේපොළවල වටිනාකම පමණක් බව සඳහන් වෙයි. එසේම මෙම ආපදා නිසා අහිමි වූ ඵලදායකත්වයද මෙහිදී ගණන් බලා නොමැති වීම සැලකිය යුතු කරුණකි. ඉන් පෙනෙන්නේ වාර්තා නොවූ හානි අධික ප‍්‍රදේශවල ඇතැම් විට මේ හා සමීප මට්ටමකට එන හානි තිබිය හැකි බවයි.

ඩොලර් බිලියන එකකට වඩා අධික හානියක් ඇති වූ ආපදා අතර ඇමරිකාවේ ඇති වූ ෆ්ලෝරන්ස් හා මයිකල් නම් සුළිකුණාටු දෙක දැක්විය හැකිය. ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඇති වූ ගිනි තවත් මෙවැනි අධික හානියක් ඇති වූ ආන්තික තත්ත්වයකි. යුරෝපයේ ඇති වූ නිය`ගය තවත් එවැනි අධික හානියක් සිදු වූ ආපදාවකි.

මෙම වාර්තාව මගින් හඳුනාගෙන ඇති අනෙක් ආපදා අතර, චීනයේ, ජපානයේ හා ඉන්දියාවේ (කේරළයේ) ඇති වූ ගංවතුර තත්ත්ව, ආජන්ටිනාවේ, ඔස්ටේ‍්‍රලියාවේ හා දකුණු අප‍්‍රිකාවේ (කේප් ටවුන්) ඇති වූ නියඟ තත්ත්ව හා පිලිපීනයට හා චීනයට බලපෑ කුණාටු තත්ත්වයක් වෙයි. මේවා දියුණු රටවලට මෙන්ම දියුණුවන රටවලටද බලපා තිබෙයි.

මෙම වාර්තාව මගින් අවධානය යොමු කර ඇති ආපදා සියල්ල මානව මූලික දේශගුණ වෙනස් වීමේ කිසියම් සම්බන්ධයක් ඇති එ්වාය. එහි සඳහන් පරිදි ඒවා හුදෙක් සාමාන්‍ය ස්වාභාවික ආපදා පමණක් නොවූ බව පැහැදිලිය. මිනිසුන් නිසා ඇති වූ දේශගුණ වෙනස් වීම නොවූයේ එන් මෙම ආපදා මෙතරම් බරපතළ නොවන බව එහි සඳහන් වෙයි. අදාළ ආපදා බරපතළ වීමට හෝ තීව‍්‍ර වීමට හෝ හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ‍්‍රය: Counting The Cost: A Year of Climate Breakdown, www.christianaid.org.uk)

No comments:

Post a Comment