Thursday, February 7, 2019

ට‍්‍රම්ප් පාලනය රසදිය සීමා ඉවත් කිරීමට යයි

ජගත් පරිසර පුවත් 296 - 09.01.2019


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.01.2019, පි. 3 (Vidusara)



ඇමරිකාවේ ගල්අඟුරු බලාගාර සඳහා මේ වන විට ක‍්‍රියාත්මක රසදිය විමෝචන පිළිබඳ ඇතැම් සීමා ලිහිල් කිරීම පිළිබඳව එරට වත්මන් පාලනය විසින් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. මෙම තහනම පනවා තිබුනේ ගල් අඟුරු බලාගාරවලින් නිකුත් වන රසදිය මගින් ඇති විය හැකි සෞඛ්‍ය ආපදා නිසාය. මෑත කාලයේදී සිදුකර ඇති අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇති ආකාරයට රසදිය නිසා ළමුන්ගේ වර්ධනයේ පමා වීම් ඇති විය හැකිය.

එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලනසමයේදී ගල්අ`ගුරු බලාගාරවලට පැනවූ මෙම සීමා නිසා අදාළ විමෝචන නිසි ප‍්‍රමිතියකට ගෙන එ්මට හෝ නොඑසේ නම් බලාගාර වසා දැමීමට සිදුව තිබිණි. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව එරට පරිසර ආරක්ෂණ ඒජන්සිය (EPA) සලකා බලමින් සිටින්නේ අදාළ සීමා ඉවත් කිරීමට නොව, ඒවා පිළිබඳව ඇති අවශ්‍යතාවය නැවත ඇගැයීමකට ලක් කිරීමටය. එහෙත් එමගින් උක්ත සීමා තවදුරටත් දැඩි කිරීමක් අවශ්‍යද යන්න ගැනද විමසා බැලීමටද නියමිතය.

මෙම පියවර වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ගෙන ඇති පරිසරය පිළිබඳ තවත් නිෂේධනීය පියවරක් විය හැකි බවට මේ පිළිබඳ උනන්දුයවක් දක්වන අයගේ අදහස වෙයි. ඔහුගේ දේශපාලන ප‍්‍රතිපත්ති අනුව බලශක්ති කර්මාන්තයේ හා විශේෂයෙන් ගල්අඟුරු කර්මාන්තය ප‍්‍රවර්නය කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවක් පෛනන්නට ඇත. එ් එම කර්මාන්තයට ඇති අවස්ථාව ඉහළ නැංවීටය.

කෙසේ වෙතත් මෙවැනි තහනමකින් ලැබෙන සෞඛ්‍ය හා වෙනත් සමාජමය ප‍්‍රයෝජන නොසලකා හුදෙක් ගල්අගුරු කර්මාන්තයට සහන දීම අරමුණු කරගනිමින්ම සිදුකරන මෙවැනි පියවර දිගු කාලීනව අංශ ගණනාවක් සඳහා බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වා දී ඇත. මීට පෙර පරිසර ආරක්ෂණ ඒජන්සිය මගින් දක්වා ඇති ආකාරට ඇමරිකාව පුරා වර්ෂයකදී අලූත උපදින ළමුන් අතරින් 75000ක් පමණ ප‍්‍රමාණයක් තුළ ඉගෙනුම් සඳහා වූ බාධා ඇති වීමේ වැඩි අවදානමක් පවතී. එයට හේතුව වන්නේ දරුවන්ගේ උපතට පෙර, මවගේ ගර්භාෂය තුළදීම මෙතිල් මර්කරිවලට නිරාවරණය වීමය. එසේම ගල්අ`ගුරු බලාගාරවලට පනවා ඇති සීමා නිසා හරිතාගාර වායු විමෝචනද පාලනය වීමද සිදු වෙයි. මේ කරුණු නිසා එරට මධ්‍යම රජය හා පෙඩරල් නීති මගින් පනවනු ලැබී සීමා හේතුවෙන් රසදිය නිසා ඇතිවන දූෂණය 2006-2016 අතර කාලයේදී 85%ක් පමණ ප‍්‍රමාණයකින් අඩු වී ඇත.

No comments:

Post a Comment