Showing posts with label Campaigns. Show all posts
Showing posts with label Campaigns. Show all posts

Sunday, May 31, 2020

පශ්චාත් කොරෝනා සැලසුම් පරිසර හිතකාමී විය යුතුය

ජගත් පරිසර පුවත් 361 - 27.05.2020


ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 27.05.2020, පි. 3 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature1.html


වර්තමාන කොරෝනා වසංගතයෙන් පසුව සිදුවන ආර්ථිකය යථාතත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ස්වභාව සංරක්ෂණය කේන්ද්‍රකරගත් එකක් විය යුතු බව ඔස්ට්‍රේලියානු පාරිසරික විද්‍යාඥයින් පිරිසක් ඉල්ලා සිටිති. ඒ ඔවුන් විසින් Science සඟරාවට ලියන විවෘත ලිපියක් මගිනි.

ආර්ථික කටයුතු නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ජෛව විවිධත්වය හා මානව සෞඛ්‍යය ආරක්ෂා කරන ආකාරයේ සැලසුම් සකස් කිරීමට රටරටවල ආණ්ඩු විසින් පියවර ගත යුතු බව ඔවුන්ගේ අදහස වෙයි. ඔවුන් පවසන පරිදි දැනට පවත්නා ලොක්ඩවුන් සීමා කිරීම්වලින් ඉවතට පැමිණෙන ආකාරය මත ලෝකයේ නව ආර්ථිකයක් ඇති විය හැකිය. එය ලෝකයේ ජෛව විවිධත්වයට ද බලපෑමක් ඇති කළ හැකිය.

කොරෝනා වසංගතය නිසා මෑත කාලයේදී ඇති වූ යහපත් තත්ත්ව කෙතරම් කාලයක් පවතින් ඇති ද යන්න තීරණය වන්නේ ඒ තත්ත්වය පවත්වා ගැනීම අරමුණු කරගත් උපායමාර්ග ක්‍රියාත්මක වුවහොත් පමණකි. ආර්ථිකය වේගයෙන් යථාත්වයට පත් කිරීමට කටයුතු කළ හොත් එය පරිසරයට විනාශයක් විය හැකි බව මෙහි දක්වා තිබෙයි. ඒ අනුව, වෙළෙඳජාල වඩා තිරසර හා ප්‍රාදේශීය කිරීම, සංරක්ෂණ අරමුදල් අඛණ්ඩව පවත්වා ගැනීම, තාක්ෂණය භාවිතයෙන් පරිසර ආරක්ෂක කටයුතු දියුණු කිරීම ආදිය වේ. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abc1430)
Journal Link - https://science.sciencemag.org/content/368/6493/838.2

Thursday, May 31, 2018

තමිල්නාඩුවේ පරිසර දූෂණයට එරෙහි අරගලය

ජගත් පරිසර පුවත් 265 - 30.05.2018


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.05.2018, පි. 3 (Vidusara)



ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තූත්තුකුඩි ප‍්‍රදේශයේ පිහිටා ඇති තඹ කර්මාන්තශාලාවකින් සිදුවන පාරිසරික හානිය පිළිබඳව ජනතාව හා සමාජ ක‍්‍රියාකාරීන් පසුගිය සතියේ සිදුකළ උද්ඝෝෂණ කිහිපයකට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා දහ තුන් දෙනෙකු පමණ මියගොස් ඇත.

තඹ උණුකරන කර්මාන්ත ශාලාවක් පුළුල් කිරීමට එරෙහිව සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණවලට සම්බන්ධ වූ ප‍්‍රදේශවාසීන් පවසන්නේ එමගින් පරිසරය දූෂණය වන බවකි. කර්මාන්තශාලාවේ කටයුතු නිසා ප‍්‍රදේශයේ වාතය හා ජලය දූෂණය වන බව ජනතාව විසින් නගන චෝදනාව වෙයි. එ් නිසා ශ්වසන රෝග, සමේ රෝග, ක්ලාන්තය හා වෙනත් රෝගී තත්ත්ව ඇති වීම දක්වා ඇත. මේ තත්ත්ව ළමුන් අතර වඩාත් සුලභය. මේ වන විට එරට අධිකරණයක් මගින් අදාළ පුළුල් කිරීම තාවකාලිකව නවත්වා නියෝගයක්ද නිකුත්කර ඇති අතර, එම ඉදිකිරීම් සිදුකිරීමට පෙර මහජන අදහස් දැක්වීමක් පැවැත්වීම සිදු කළයුතු බවටද නියම කර තිබෙයි. 1996 වර්ෂයේදි ආරම්භ කරන ලද මෙම තඹ සැකසුම් කර්මාන්තශාලාව එදා සිට ඇති වූ පාරිසරික ගැටලූ නිසා වරින්වර කෙටි කාලසීමාවලට වසා දමා තිබෙයි. බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක වෙදාන්ත නම් සමාගමකට අයත් ඉන්දියානු උප සමාගමක් වන ස්ටාර්ලයිට් නම් සමාගමක් යටතේ මෙම කර්මාන්තශාලාව පාලනය වෙයි.

මේ සිදුවීම පොලිසිය විසින් කළ ඝාතනයක් ලෙස එම ප‍්‍රාන්තයේ මෙන්ම ඉන්දියාවේ ජාතික මට්ටමේ විපක්ෂ දේශපාලනයන් විසින්ද දක්වා තිබෙයි. ඉන්දියාවේ වෙනත් ප‍්‍රදේශවල මෙන්ම මෙම ප‍්‍රාන්තයේද පාරිසරින නීති හා නියෝග උල්ලංඝනය වීම හා නිසිපරිදි ක‍්‍රියාත්මක නොවීම සාමාන්‍ය සිදුවීමක් බව විචාරකයින්ගේ අදහස වෙයි. කෙසේ වෙතත් මේ වන විට අදාළ සමාගමේ කටයුතු තාවකාලිකව නවතා දමා ඇත්තේ පාරිසරික බලපත‍්‍රය ලැබෙන තෙක්ය. එසේම බි‍්‍රතාන්‍යයේ පිහිටා ඇති මව් සමාගමට එරෙහිව එරට තුළද යම් විරෝධයක් ඇති වී තිබෙන අතර එම සමාගම එරට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන මෙන් බි‍්‍රතාන්‍යය දේශපාලනඥයන් වෙතින්ද ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවක් වාර්තා වී ඇත.

Wednesday, May 3, 2017

විද්‍යාව වෙනුවෙන් මිහිතල දිනයේ දී වීදි බැසීම

ජගත් පරිසර පුවත් 209


ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 3, 26.04.2017 (Vidusara)



පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 22) දිනට යෙදුණු මිහිතල දිනයේ දී එක්‌ සුවිශේෂ කටයුත්තක්‌ සංවිධානය කර තිබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස විෆාව සම්බන්ධව අනුගමනය කරනු ලබන නිෂේධනීය ප්‍රත්පත්තිවලට විරෝධය දක්‌වමින් හා විද්‍යාවේ කාර්යභාරය හුවා දක්‌වමින් සිදුකරන ලද පා ගමන් හා රැළිවලින් යුක්‌ත විරෝධතා ව්‍යාපාරයකි. එහි සංවිධායකයන් මේ විරෝධතාවේ කිසිදු පක්‌ෂාග්‍රාහී බවක්‌ නොමැති බව දක්‌වා ඇතත්, මේ විරෝධතාව ආරම්භ වූයේ මේ වර්ෂයේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව ය. විශේෂයෙන් ඔහු දේශගුණ වෙනස්‌ වීම හා පොදුවේ විද්‍යාව සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිවලට එරෙහි ව දියත් කරන ලද්දකි.

'විද්‍යාව සඳහා පා නගමු' (March for Science) යන මැයෙන් සංවිධානය කරන ලද මේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන විරෝධතාව පැවත්වුනේ ඇමෙරිකාවේ අගනුවර වූ වොෂින්ටන් නගරයේ දී ය. මේ හැර ඇමෙරිකානු නගර ගණනාවක්‌ ඇතුළු ලෝකය පුරා නගර හය සියයකට ආසන්න ප්‍රමාණයක මෙවැනි විරෝධතා ව්‍යාපාර පවත්වන ලදි. මේ විරෝධතා සඳහා දහස්‌ ගණනක්‌ විද්‍යාඥයන් මෙන්ම විද්‍යාවට ලැදි සාමාන්‍ය ජනතාව සහභාගි වී තිබීම විශේෂත්වයකි. විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිමින් විද්‍යාත්මක දැනුමට එරෙහි වූවන්ට විරුද්ධ විරෝධතා පුවරු මේවායේ දී දැකගත හැකි විය.

විද්‍යාව වෙනුවෙන් වූ මේ ව්‍යාපාරය ආරම්භ වූයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ හා ගත් පියවර සමග ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව හා විද්‍යාත්මක පර්යේෂණ හා දැනුම පිළිබඳ ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබූ පියවර හා අනතුරු හැගවීම් හමුවේ මේ ව්‍යාපාරය ආරම්භ විය. ඒ සඳහා ජගත් මට්‌ටමෙන් සහයෝගය ලැබිණි. ඒ සමස්‌තයක්‌ ලෙස, ජගත් මට්‌ටමින් විද්‍යාවට එරෙහිව ඇති දේශපාලනමය පීඩනයට එරෙහි ව ය.

මේ පා ගමනේ සංවිධායකයන් ඒ සඳහා තෝරාගත්තේ මිහිතල දිනයයි. 1970 වර්ෂයේ අප්‍රේල් 22 දින ඇමෙරිකාවේ පැවැති අධික පරිසර දූෂණයට එරෙහි ව රට පුරා එල්ල වූ ජනතා විරෝධයක්‌ මිහිතල දිනයේ ආරම්භය වේ.

http://www.vidusara.com/2017/04/26/news2.html