Monday, August 1, 2016

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

ගව මස් හා සෝයා අපනයනය නිසා වැනසෙන ඇමසන් වනය


බ‍්‍රසීලයේ පිහිටි ලෝකයේ විශාලතම වනාන්තරයක් වන ඇමසන් වනාන්තරය හෙළි වීම ජගත් මට්ටමින් සාකච්ඡුාවට ලක්ව ඇති පාරිසරික ගැටලූවකි. මේ විනාශයට බලපාන ප‍්‍රධාන හේතු අතර ඇති ගවමස් හා සෝයා බෝංචි පරිභෝජනය බව පෙන්වා දෙන අධ්‍යයනයක් ඉන් කොටසක් සඳහා ජගත් මට්ටමින් වගකිව යුතු බවද පෙන්වාදී තිබේ.

1990-2012 අතර කාලයේ බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය නිසා නිකුත් වී ඇති හරිතාගාර වායු විමෝචන හා ඊට බලපා ඇති ප‍්‍රධාන සාධක දෙකක් වන ගව පාලනයේ හා සෝයා වගාවේ තරම සම්බන්ධ කිරීමෙන් මේ අපූරු පර්යේෂණය සිදුකර ඇත. එ් අනුව මෑත කාලයේදී මේ ද්‍රව්‍ය පරිභෝජනය හා අපනයනය ඉහළ ගොස් ඇත.

ගව මස් මෙන්ම සෝයාවල වැඩි පරිභෝජනයක් සිදුවන්නේ බ‍්‍රසීලය තුළ වන නිසා ඊට වැඩි වගකීමක් ඇත්තේ බ‍්‍රසීලයේම බව පෙනේ. එහෙත් ඉන් කොටසක් අපනයනය කරන බැවින් මේ වායු විමෝචන අතරින් කොටසකට ලෝකයේ සෙසු රටවලද යම් වගකීමක් තිබේ. බ‍්‍රසීල වන විනාශයෙන් නිකුත්වන විමෝචනවලින් 30%ක් බ‍්‍රසීලයෙන් අපනයනය කරන ද්‍රව්‍ය නිසා නිකත් වේ. ඉන් 19%ක් සෝයා බෝංචි නිසා වන අතර 71%ක් පමණ ගව පාලනය මගින් විමෝචනය වේ. දිනෙන් දින මේ අපනයන ඉහළ යන අතර, යුරෝපා වෙළෙඳපොළට වඩා වැඩි සෝයා හා ගවමස් ප‍්‍රමාණයක් ආසියාවට අපනයනය කෙරේ. එ් චීනයේ හා රුසියාවේ පරිභෝජනය නිසාය.

මේ අනුව පෙනෙන තවත් කරුණක් වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම නිසා ඇමසන් වනාන්තරය සංරක්ෂණ කිරීමට ක‍්‍රියාත්මක වන ජගත් මට්ටමේ වැඩසටහන්වල ඵලදායී බව අවතක්සේරු කරන බවය.

(මූලාශ‍්‍රය: Environmental Research Letters, DOI: 10.1088/1748-9326/8/2/024005)

No comments:

Post a Comment