Monday, August 1, 2016

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක් - පරිසර පුවත් 008 (10.04.2013)

ධනේෂ් විසුම්පෙරුම

 

විදුසර, 10.04.2013

Vidusara - World Environmental News (10.04.2013)

දේශගුණ වෙනස්වීමෙන් ජයගන්නා පෙන්ගුවින් විශේෂයක්

 

ධ‍්‍රැව ප‍්‍රදේශවල ජීවත්වන සත්ත්ව විශේෂ රැුසකට දේශගුණ වෙනස්වීම අහිතකර සේ බලපායි. එහෙත් එක් පෙන්ගුවින් විශේෂයකට එය ඊට වඩා වෙනස් බලපාන බව පසුගියදා වාර්තා විය. එ් අඩෙලි පෙන්ගුවින් නම්න් හැඳින්වෙන Pygoscelis adeliae නම් පෙන්ගුවින් විශේෂයයි.

මේ බව හෙළි වී ඇත්තේ 1958 සිට 2010 කාලය දක්වා කාලයේදී ඇන්ටාක්ටිකාවේ එක් ඇඩෙලි පෙන්ගුවින් ගහනයක බිත්තර දැමීමට හැකි ප‍්‍රදේශවල වෙනස්වීම හා ගහනයේ ප‍්‍රමාණය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකිනි. මේ කාලය අතර මේ ප‍්‍රදේශයේ අයිස් ක්ෂේත‍්‍රය අඩුවී ගොස් ඇති අතර අයිස්වලින් වටවූ විවෘත ජලය සහිත ප‍්‍රදේශ (පොලිනියා - Polynya) ඉහළ ගොස් ඇත. එසේම 1980 දශකයේ සිට මේ ප‍්‍රදේශයේ උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 0.5කින් පමණ ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ඇඩෙලි පෙන්ගුවින් ගහනය 84%කින් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ට යෝග්‍ය වාසස්ථාන ප‍්‍රදේශය 71%කින්ද වර්ධනය වී ඇත. කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇත්තේ 1980 දශකයෙන් පසුව වීම විශේෂයකි. ඉදිරියේදී ඇන්ටාක්ටිකාවේ වෙනත් ප‍්‍රදේශවලද මේ පෙන්ගවින් විශේෂයට යහපත් තත්ත්ව ඇතිවීමේ අවස්ථාවක් තිබේ. 

(මූලාශ‍්‍රය: PLoS ONE, DOI: 10.1371/journal.pone.0060568)

No comments:

Post a Comment